විමලුයි, චම්පිකයි කොන්දොස්තරගේ රුපියල වගේ - පී. හැරිසන්.

විමලුයි, චම්පිකයි කොන්දොස්තරගේ රුපියල වගේ - පී. හැරිසන්.



ජාතික නිදහස් පෙරමුණ සහ ජාතික හෙල උරුමය ආණ්ඩුවට එරෙහිව සිදුකරන ප‍්‍රකාශ ව්‍යාජ එකක් බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පී.හැරිසන් මහතා පවසනවා.

කොතරම් විවේචන සිදුකළද එම පක්‍ෂ දෙක ආණ්ඩුවෙන් කිසිඳා ඉවත් නොවන බවයි මන්ත‍්‍රීවරයා පෙන්වා දෙන්නේ.

කැකිරාව, පලාගල ප‍්‍රදේශයේ ඊයේ පැවති උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් පළකළා.

" තර්ජනේ දානවා. මේක නිකන් කොන්දොස්තරගේ රුපියල වගේ වෙලා තියෙන්නේ. කොන්දොස්තරගේ රුපියලත් මගියෝ කවදාවත් ගිහිල්ලා ඉල්ලන්නේ නෑ. කොන්දොස්තරත් ඕක නොතේරුන ගානට සාක්කුවේ දාගන්නවා. දෙන්නෙ නැ. මිනිසුන් හිතනවා රුපියලක්නේ, ඕකෙන් මොනවද කරන්න පුළුවන් කියලා. ඒ වගේ තමා විමල් වීරවංශයි හෙළ උරුමේ චම්පික රණවක ඇමතිතුමයි මේ ආණ්ඩුවට දාන ලෙඩේ. කොන්දොස්තරගේ රුපයල වගේ මේ දෙන්නම ආණ්ඩුවෙන් අම්මා මුත්තා කිව්වත් යන්නේ නෑ එළියට. ආණ්ඩුවෙන් මේ දෙන්නා එළවන්නෙත් නෑ. "

කැකිරාව ප‍්‍රදේශයේ තරුණියන්ට නොමිලේ රූපලාවන්‍ය පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව ලබාදීම සඳහා මෙම උත්සවය පැවැත්වුණා.

එහිදී විමල් වීරවංශ අමාත්‍යවරයාගේ රූපලාවන්‍ය කටයුතු පිළිබඳවද පී.හැරිසන් මන්ත‍්‍රීවරයා අදහස් පළකළා.

" මේකප් කිරීමේ එක කලාවක් තමයි ඒකත්. ඒ වගේ මේකප් කිරීමේ කලාවක් නෙමේ. අපිට ඕනේ තරුණ තරුණියන් මේකප් කිරීමේ වැඩසටහනක් මේ කරන්නේ. විමල් වීරවංශ මහතා මේකප්වලට කොච්චර වියදම් කරනවද? නියපොතු සුද්ද කරන්න රුපියල් විසිපන්දහසක්. රුවුල හා කොණ්ඩෙ රුපියල් පනස්දහසක්. මූණට ලක්ෂයක් විතර. මෙච්චර ලස්සන කරලා හැදුවට වැඩක් නෑ එතුමගේ හදවත ලස්සන නෑ. එකට කාලා, එකට ඉදලා ආණ්ඩුවට කරන කතා ඇහුවම පැහැදිලිවම පේනවා හදවත ලස්සන නෑ කියලා. එක පැත්තකින් ඒක ඇන්දිල්ලේ රටාවක්. "


No comments:

Ad
Powered by Blogger.