Ad

ලංකාපුත්‍ර බැංකුවට කෝටි 100ක පොල්ලක්.



මහා පරිමාණ කර්මාන්ත හා ව්‍යාපාර හිමි පුද්ගලයන් විසි දෙනකු ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවට රුපියල් කෝටි සියයකට අධික පොලු තබා තිබේ. කර්මාන්ත හා ව්‍යාපාර වැඩිදියුණු කිරීමට ලබාගත් ණය නිසි ලෙස ආපසු නොගෙවමින් කට්ටි පනින මේ පිරිසගේ ඇපයට තබා ඇති දේපොළ විකුණා හෝ බැංකුවට අයවිය යුතු මුදල ලබා ගන්නා බව එහි සභාපති ලසන්ත ගුණවර්ධන මහතා අවධාරණය කෙළේය.

ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ නව සභාපතිවරයා ලෙස පත්ව පළමු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදීම මේ තීරණය ගත් බව ද ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ ඇපයට තැබූ දේපොළ උකස් කර ණය අය කර ගැනීමේ හැකියාව නැතිනම් පරාවේ නීතිය අනුව ක්‍රියා කිරීමට මීට පෙර අවකාශය නොතිබූ බව පැහැදිලි කළ සභාපතිවරයා මහජනතාවගේ මුදල් ලබාගෙන ඒවා නොගෙවන අයගෙන් නව නීති පනවා හෝ ඒ මුදල් අය කිරීමට ක්‍රියා කරන බවද අවධාරණය කෙළේය.

නුගේගොඩ නාවල පාර පිහිටි ලංකාපුත්‍ර සංවර්ධන බැංකු මූලස්ථානයේ ඊයේ (10) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී සභාපතිවරයා මේ බව ප්‍රකාශ කෙළේය.

'අපේ ණය නොගෙවීමේ අනුපාතය සියයට 48යි. ඒක ඉතාම ඉහළ අගයක් ගැනීම ඉතාම අහිතකර තත්ත්වයක්. ඕනෑම බැංකුවක ණය ආපසු නොගෙවිමේ අනුපාතය සියයට 2ක් 3ක් වුණාට කමක් නැහැ. අඩුම තරමේ සියයට හයක් වුවාත් කමක් නැහැ. සියයට 48ක් කියන්නේ විශාල වැඩි අගයක්.

අපි ක්‍රමිකව මේ ප්‍රතිශතය අඩු කරන්න පියවර ගන්නවා. අපේ ණය ආපසු නොගෙවීමේ අනුපාතය සියයට 48ක් වුණාට ඒ ප්‍රමාණයෙන් සියයට 60 අගයක් ගන්නේ මහා පරිමාණ ණය ලබාගත් පුද්ගලයෝ විසි දෙනෙක් ගත් ණය නිසි ලෙස නොගෙවන නිසායි. අපි ඒ අයගේ දේපොළ විකුණලා හෝ ජනතාවගේ මුදල් අය කර ගන්නවා.

පොඩි ණය ගත්තු අය ඉතාම හොඳට ණය ආපසු ගෙවනවා. විශාල ණය ලබා ගත් අය ණය ආපසු ගෙවීම මග හරිනවා. අපි මේ අයගෙන් ණය මුදල් ආපසු ගන්නවා. ඒ හරහා බැංකුවේ ප්‍රාග්ධනය ශක්තිමත් කරනවා සභාපතිවරයා කීය.


මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.