Ad

ගයේෂාට අපහාස කළ පුද්ගලයා Green Blood නොවේ - ගයේෂා, වෙලේසුදා සිද්ධියේ ඇත්ත. (Exclusive)


පසුගිය දින කිහිපයේ ප්‍රසිද්ධ නිලියන් කිහිපදෙනෙකුටම සම්බන්ධ කරගනිමින් විවිධ ෆේස්බුක් පිටු ඔස්සේ ප්‍රචාරය වී තිබුණේ මේ වන විට අත් අඩංගුවේ පසුවන ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකු වන වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර සමග ඔවුන් සම්බන්දකම් පැවැත්වූවා යනුවෙනි.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ ගයේෂා පෙරේරා ඇතුළු රංගන ශිල්පිනියන් ඊට ප්‍රතිචාර වශයෙන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණා.

කෙසේ නමුත් ෆේස්බුක් ඔස්සේ මෙම ප්‍රචාරණය සිදු කල පුද්ගලයා ලෙස ප්‍රකාශ වන මධුශංක ගනේගොඩ නම් තැනැත්තා මෙම සිදුවීමට සමාව ඉල්ලා තිබෙනවා.  

කෙසේ නමුත් ඔහු එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ Green Blood සංවිධානයේ අන්තර්ජාතික කටයුතු සිදු කරන පුද්ගලයකු බවට ගයේෂා පෙරේරාගේ ෆේස්බුක් ගිණුම ඇතුළු ගොසිප් වෙබ්අඩවි කිහිපයක් ප්‍රකාශ කර තිබුණා.

එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුනේ මධුශංක ගනේගොඩ නම් පුද්ගලයා සමාව ඉල්ලා තිබෙන්නේ Green Blood සංවිධානයට සම්බන්ධ වෙබ් අඩවියක් මගින් බවයි.

ඒ පිළිබඳව Info Sri Lanka News වෙබ්අඩවිය මඟින් Green Blood සංවිධානයේ ලේකම්වරයා වන විමුක්ති දුෂාන්ත මහතාගෙන් කල විමසීමක දී ඔහු ප්‍රකාශ කලේ තමන් ගයේෂා පෙරේරා මහත්මියට පත්ව ඇති අපහසුතාවය පිළිබඳව කනගාටුවට පත්වන නමුත් අදාළ පුද්ගලයා Green Blood සංවිධානයේ ජාත්‍යන්තර අංශයට සම්බන්ද පුද්ගලයෙක් හෝ Green Blood සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු නොවන බවයි.

එසේම මධුශංක ගනේගොඩ නම් පුද්ගලයා විසින් අදාළ තොරතුරු තමන්ට ලබා දුන් පුද්ගලයා ලෙස සඳහන් කරන තුෂාර ජයරත්න නම් අයෙක් ද Green Blood සංවිධානයට සම්බන්ද නැති බවත් එම පුවතේ සඳහන් වන වෙබ්අඩවියක් Green Blood සංවිධානයට නොමැති බවත් Green Blood සංවිධානයේ නිළ වෙබ්අඩවිය වන්නේ http://www.greenblood.org/ වෙබ්අඩවිය බවත් වැඩිදුරටත් පැවසීය.



මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.