Ad

රාජපක්ෂ කාලේ තිරිවානා ඇපේට තියලා මිලියන ගණන් ණය අරන් - සභාපති ලසන්ත ගුණවර්ධන. (Video)


පසුගිය රජය සමයේ නිසි සුරැකුම් නැතිව ලබාදුන් රු. මිලියන 1600 කට අධික මුදලක්‌ එකතු කර ගැනීමට අපහසු වී ඇතැයි ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපති ලසන්ත ගුණවර්ධන මහතා පවසයි.

තමා බැංකුවේ සභාපතිවරයා ලෙස පත්වූ පසු ණය විගණනයක්‌ සිදුකළ බවද එමගින් මේ බව අනාවරණය වූ බවද ගුණවර්ධන මහතා කීවේය.

මේ ණය මුදල් ලබාදීම අතර මැණික්‌ ගල් යෑයි කියමින් තිරිවානා ගල් කැට ප්‍රමාණයක්‌ සුරැකුම් වශයෙන් ලබා දී ණය ලබාගෙන ඇති සිද්ධියක්‌ සම්බන්ධයෙන් දැනටමත් පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට පැමිණිලි කර ඇති බවද ලංකා පුත්‍ර බැංකුවේ සභාපතිවරයා කීවේය.

තම බැංකුවට පසුගිය රජයේ සමයේ ඇතැම් අය ලබාදුන් උපදෙස්‌ අනුව මිලියන ගණනින් ලබාදුන් ණය මෙසේ අයකර ගැනීමට අපහසු වී ඇති බවද ලංකාපුත්‍ර බැංකුවේ සභාපති ලසන්ත ගුණවර්ධන මහතා තවදුරටත් කීවේය. මුදල් අමාත්‍යාංශයේ දී පෙරේදා (11 වැනිදා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කීවේය.



මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.