Ad

ඔබේ ප්‍රශ්නය අපට වැටහේ - අපි සංහිඳියාවට උදව් කරමු.


ඇමරිකාවේ ඉතාම බලසම්පන්න රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන ජෝන් එෆ් කෙරී පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී මෙරට සිවිල් සංවිධාන නියෝජිතයන් සහ ක්‍රියාකාරී දේශපාලන කණ්‌ඩායම් හමුවී දේශනයක්‌ පැවැත්වීය. මෙහි සඳහන් වන්නේ එම දේශනයෙන් තෝරාගත් කොටස්‌ කිහිපයක සිංහල පරිවර්තනයයි.

යුද්ධයකින් ඇති විය හැකි වේදනාව නොසලකාම එයට (යුද්ධයට) යොමුවන්නට විටෙක අපට සිදුවන්නේ ය. පසුගිය රජය කොටි සංවිධානය සමඟ යුද්ධ කළ ආකාරය ගැන එකඟ නොවුවද මිනීමරු ත්‍රස්‌තවාදී සංවිධානයක්‌ වෙතින් සහ එම ත්‍රස්‌ත කල්ලිය විසින් පතුරුවා හරින ලද භීතියෙන් මේ රට ගලවා ගැනීමේ අවශ්‍යතාව අපි පැහැදිලි ලෙසම හඳුනාගෙන සිටියෙමු. මගේ රටට ඉමහත් කෝපයක්‌ ගෙනදුන් සිවිල් යුද සමය අවසානයේදී ඔබ පහත සඳහන් කාරණය දැනගන්නට ඇත; එනම්, අවසානයේදී සිටියේ සැබෑ ජයග්‍රාහකයන් නොව යුද්ධයේ ගොදුරු පමණි. සාමය සඳහා පදනමක්‌ ඉදිවන පරිදි යුද්ධය අවසන් කිරීමේ වටිනාකම ඔබ දුටු බව මට විශ්වාසය.

සිවිල් යුද්ධයකට පසු ඇතිවන සැබෑ සහ දිගුකාලීන සාමයට අත්‍යවශ්‍ය දෙයක්‌ තිබේ. එනම් කැපකරු සංහිඳියාව ය. රටේ සිටින සියලු පුරවැසියනට සමාන ගෞරවයකින් සහ තම අයිතිවාසිකම් ලැබෙන පරිදි සැලකීමේ අවශ්‍යතාව එමගින් අවධාරණය කෙරෙයි. එහිදී තමන්ට පිටස්‌තරයන් ලෙස සලකන බව කිසිවකුටත් නොහැඟිය යුතුය. එසේම යුද හමුදාව වෙතින් ජනයාට ආරක්‍ෂාව ලබාදීම මිස ජනයාට හිරිහැර නොවීමේ අවශ්‍යතාව එමගිsන් අවධාරණය කෙරෙයි. ඇමරිකාවේ විසූ ශ්‍රේෂ්ඨ ජනාධිපති එබ්‍රහම් ලින්කන් කළ ප්‍රකාශයක්‌ මෙහිදී සිහිපත් කිරීම වැදගත් යá ජාතියක තුවාල වෙලිය යුත්තේ ද්වේෂයෙන් නොව ආදරයෙන් සහ කරුණාවෙනි.

සිය ජීවිතවල මුල්වරට සාමය අත්දකින තරුණ පරම්පරාවක්‌ අද මේ රටේ සිටිති. ඔවුන්ට සාමය පමණක්‌ම දැනගැනීමට සැලැස්‌වීමට වගබලා ගත යුතු අතර එය අපගේ අපේක්‍ෂාව ය.

අරගලයකින් ගොඩ ඒම ලෙහෙසි නැත. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ විවේචනාත්මක සංවාද සම්ප්‍රදායයන්, පත්‍ර කලා නිදහසත් ස්‌වාධීන සිවිල් සමාජයත් යළි තහවුරු වෙමින් පවතී. උතුරේ ජනතාවට ඔවුන්ගේ ඉඩම් නැවත ලබාදීමට සන්නද්ධ හමුදා පටන්ගෙන ඇත. පළාතකට එක ජාතියකට එක ආගමකට නොව සියලු ආගම්වලට සහ සියලු ජාතීන්ට සහ රටේ සියලු පළාත්වලට අයත් මළවුන් සියලු දෙනා වෙනුවෙන් ශෝකය පළ කරන ලෙස ඔබේ රටවැසියන්ගෙන් ඉල්ලනු ලැබ ඇත. රටේ ප්‍රචණ්‌ඩ ක්‍රියා පහළ බසිමින් පවතින්නේය.

වෛරී ප්‍රකාශවලට එරෙහිව රජය නැගී සිටින අතර හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මියගේ නායකත්වය යටතේ සංහිඳියා කාර්ය සාධක බළකායක්‌ පිහිටුවනු ලැබ ඇත. ජනාධිපතිගේ නායකත්වයෙන්ම ඔහුගේ බලතල සීමා කරන පනතක්‌ පාර්ලිමේන්තුවේදී සම්මත කරගෙන ඇත. දුන් පොරොන්දු ඉටුකිරීමකි. මෙය දැන් ශ්‍රී ලංකාවේ ප්‍රශ්න ශ්‍රී ලාංකිකයන් විසින්ම විසඳනු ලබනවා ඇත. එය එකම විසඳුමය. එයට වෙනත් මඟක්‌ නැත. එහෙත් නූතන ලෝකයේ සියලු දේ එකිනෙක සමඟ බද්ධව පවතී. ඒ ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයෙනි. දුප්පතුන් අත පවා ස්‌මාර්ට්‌ ෙµdaනයක්‌ හෝ සෙලියුලර් දුරකථනයක්‌ තිබේ. ඔවුහු ලෝකය සමඟ සම්බන්ධව සිටින්නාහ. එසේ නම්, ඔබට උපකාර කළ හැකි මාර්ග ඇතොත් අප එය කරන්නෙමු. ඔබේ රටට අවශ්‍ය දේ ගැන ඔබේම සැලසුම් ඔබට ඇත. එහෙත් මිත්‍රයන් වශයෙන් ඔබට කළ හැකි යෝජනා අප සතුවත් තිබේ.

පළමු යෝජනාව සංහිඳියාව වෙනුවෙනි. යුද්ධයේ තුවාල සුව කිරීමේ දුෂ්කර කාර්යයට කැපවුණු ආණ්‌ඩුවක්‌ වෙනුවෙන් ඔබේ බහුතරය ඡන්දය පාවිච්චි කළේය. ඔබට දැක්‌වීමට කාරණයක්‌ මට තිබේ. වසර ගණනාවකට පෙර මම ඇමරිකන් සෙනෙට්‌ සභාවේ සාමාජිකයකුව සිsටියෙමි. 1990 දී මට රාජකාරියක්‌ පැවරිණ. ඒ, 1960-70 අතර පැවැති වියට්‌නාම් යුද්ධයේදී අතුරුදන් වූ ඇමරිකන් පාබල සෙබළුන්, නාවික සෙබළුන් සහ ගුවන් හමුදා සාමාජිකයන්ට අත්වූ ඉරණම ගැන සෙවීම ය. එසේ අතුරුදන් වූ අයගේ පවුල්වල සාමාජිකයෝ, අතුරුදන් වූවන් ගැන උත්තර ඉල්ලා සිටි අතර එසේ කිරීමට ඔවුනට සම්පූර්ණ අයිතිය තිබිණ. මේ උත්තර නොසපයා ඉදිරියට යැමක්‌ අපට නැති බව අපි දැන සිටියෙමු. එබැවින් අතුරුදන් වූවන් සෙවීමට අපි හැම දෙයක්‌ම කළෙමු. මේ සඳහා වසර 2 ක කාලයක්‌ තුළ 17 වතාවක්‌ හෝ 20 වතාවක්‌ වියට්‌නාමයට යැමට මට සිදුවිය. වියට්‌නාම් ජාතිකයන් සමඟ එක්‌ව වැඩ කරමින් ඔවුන්ගේ ඉතිහාසය තැන්පත් කර තිබෙන තැන්වලට, ඔවුන්ගේ කෞතුකාගාරවලට, යමින් ඔවුන්ගේ ලිපි ලේඛනවලට එබෙමින්, අප සමඟ සටන් කළ ජෙනරාල්වරුන් සමඟ සාකච්ඡා පවත්වමින් ප්‍රශ්නවලට උත්තර සෙවීමට තැත් කළෙමි.

මේ අනුව ඔබේ රටේ මතුවී තිබෙන මේ හා සමාන ප්‍රශ්නවලට උත්තර සෙවීමේ තත්ත්වය සහ ඒ ප්‍රශ්න සම්බන්ධයෙන් හටගෙන තිබෙන හැඟීම් ගැන අත්දැකීමක්‌ අපට ද තිබේ. අතුරුදන් වූවන් ගැන සෙවීම සඳහා ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය සහ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය සමඟ කටයුතු කිරීමට ඔබේ ආණ්‌ඩුවට සිදුවන්නේ ඒ නිසාය. ප්‍රශ්නයට පිළිතුර ස්‌ථිර වශයෙන්ම ලැබෙනු ඇතැයි කාටවත් කීමට බැරිය. එහෙත් සත්‍යය හෙළිදරව් වීමට තුඩු දෙන යමක්‌ ඇතොත් සොයා ගැනීමට උත්සාහ කරමු. එය නිවැරැදි මානුෂික කාර්යයකි. කවුරු විශ්වාස කළත් නැතත් එය තුවාල සුවපත් කිරීමේ ක්‍රියාවලියේ වැදගත් අංගයකි.

-ජෝන් එෆ්. කෙරී

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.