Ad

පක්ෂ හා සංවිධාන 40ක සහාය එජාපයට.


මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කිරීමට ඉදිරිපත් වී සිටින පක්ෂ සහ සහයෝගය දැක්වීමට ඉදිරිපත්වී සිටින සංවිධාන ප්‍රමාණය මේ වනවිට 40 ඉක්මවා තිබෙන බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

මේ නිසා එක්සත් ජාතික පක්ෂය පුළුල් සන්ධානයක් ලෙස මැතිවරණ කටයුතු සිදුකරන බවත්, නමුත් අලියා ලකුණේ කිසිදු වෙනසක් සිදුනොවන බවත් නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේය.

පක්ෂයට සහයෝගය දක්වන සංවිධාන සහ පක්ෂවල සියලුම දෙනාගේම ඉල්ලීම වී තිබෙන්නේ මැතිවරණ සලකුණ ලෙස අලියා ලකුණ භාවිත කිරීමට බවද ඔහු පැවසීය.

මෙය 2001 වසරේදී පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය කටයුතු කළ ආකාරයට ආසන්න ක්‍රමයක් බවද අජිත් පී.පෙරේරා මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ නාමයෝජනා ලබාදීම අද (10දා) සහ 13 වැනිදා සිදුකිරීමට නියමිතය.

එම පක්ෂයේ මහා සම්මේලනය හෙට (11දා) කැම්බල් පිටියේදී පැවැත්වෙන අතර, මංගල ප්‍රචාරක රැලිය 14 වැනිදා මහනුවරදි පැවැත්වීමට සැලසුම් කර තිබේ. මැතිවරණයෙන් පසු ජනතාවට ලබාදෙන සහන පිළිබඳ යෝජනා කිහිපයක්ද පක්ෂ මහා සම්මේලනයේදී ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙන අතර, මැතිවරණ නීතියට ගරු කරමින් ආදර්ශවත් මැතිවරණයක් සිදුකරන ආකාරය පිළිබඳව මෙහිදී පාක්ෂිකයන්, අපේක්ෂකයන් දැනුවත් කිරීමටද නියමිතය.



No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.