Ad

නාමයෝජනා ලැයිස්තු අර්බුධයට.


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා ලැයිස්තු අද (08දා) දිනයේ අවසන් කිරීමට හැකිවනු ඇතැයි සන්ධාන නායකයෝ පවසති. මේ අනුව පසුගිය දින කිහිපයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන නාමයෝජනා ලැයිස්තුව පිළිබඳ කුතුහලයට පිළිතුරු ලැබෙනු ඇතැයි ඔවුහු පවසති.

නාමයෝජනා සම්බන්ධයෙන් සන්ධානයේ හවුල්කාර පක්ෂ හා කොටස් අතර විෂමතා අවම කිරීමේ අරමුණින් එම සන්ධානයේ ජ්‍යෙෂ්ඨයෝ ඊයේ (07දා) දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වූහ. 

ඊයේ සන්ධ්‍යාෙව් සිට රාත්‍රිය දක්වා ස්ථාන තුනකදී සන්ධානයේ නාමයෝජනා පිළිබඳ විවිධ සාකච්ඡා පැවැත්වුණි. 

අදාළ සාකච්ඡා තුළින් එළඹුන නිගමන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතියට යොමුකිරීමද ඊයේ රාත්‍රිෙය් සිදුවිය. එයින් පසු ශ්‍රී.ල.නි.ප.ෙය් ෙජ්‍යෂ්ඨයන් ජනාධිපතිවරයා සමග ඒ සම්බන්ධ ෙයන් සාකච්ඡා කිරීමට නියමිතව තිබිණි. මේ අනුව ජනාධිපතිවරයා නාමයෝජනා සම්බන්ධයෙන් දක්වන අවසන් තීරණය අද දිනයේ දී දැන ගැනීමට හැකි වනු ඇත. 

එය පසුගිය දින කීපයේ දී ජනාධිපතිවරයා පෙන්වූ  නිහැඬියාව බිඳ දැමීම සිදුවනු ඇතැයි දේශපාලන නිරීක්ෂකයෝ පවසති. ඒ අනුව අද (08දා) සහ හෙට(09දා) දිනයන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට සුවිශේෂ දිනයන් වනු ඇතැයි දේශපාලන නිරීක්ෂකයෝ පවසති.

ජනාධිපතිවරයා විසින් මර්වින් සිල්වා, සජින් වාස් ගුණවර්ධන සහ දුමින්ද සිල්වා යන හිටපු මන්ත්‍රීවරුන්ට හැර අනෙකුත් සන්ධාන මන්ත්‍රීවරුන්ට නාමයෝජනා ලබා දෙනු ඇති බවට මහින්ද පාර්ශ්වයේ විශ්වාසයක් පවතී. එහෙත් මෙම හිටපු මන්ත්‍රීවරු තිදෙනා නීතිය හමුවේ වරදකරුවන් වී නොමැති නිසා ඔවුන්ටත් නාමයෝජනා ලබා දිය යුතු බවත් චෝදනා එල්ල වූවන්ට නාමයෝජනා නොදෙන්නේ නම් එවැනි චෝදනා ලැබූ හිටපු මන්ත්‍රීවරු මෙන්ම අමාත්‍යවරුද සිටින බවත් මහින්ද පාර්ශ්වයේ පිරිස් පෙන්වා දෙති. 

කෙසේ වෙතත් පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් ජාතික පක්ෂයේ හෝ කිසිවෙකුට ජනාධිපතිවරයා ගනු ලබන තීරණය කුමක්ද යන්න ගැන ඉඟියක් හෝ ලබා ගැනීමට හැකියාවක් ලැබී නැත. මේ නිසා පසුගිය දින කීපය මෙන්ම අද දිනයද ජනාධිපතිවරයාගේ තීරණය දෙස රටම බලා සිටින දිනයක් බවට පත්ව තිබේ. 

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නාමයෝජනා පිළිබඳව අවසන් ලැයිස්තුව සැකසීමේ කටයුතු හෙට (09දා) දිනය වන විට සිදු කිරීමට එම පක්ෂය අපේක්ෂා කරයි. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් නාමයෝජනා ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් උත්සාහ ගැනීමත් වෙනත් කුඩා දේශපාලන පක්ෂ එජාපය වටා එක්රොක් වී නාමයෝජනා ඉල්ලීමට පෙළඹීමත් නිසා එක්සත් ජාතික පක්ෂයේ නාමයෝජනා අවසන් ලැයිස්තුව සැකසීම දැඩි දුෂ්කර කාර්යයක් වී ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. එහෙත් ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ සියලු මන්ත්‍රීවරුන්ට නාමයෝජනා ලබා දීමට ද එම පක්ෂය තීරණය කර තිබේ.


No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.