Ad

එජාප ජය, තහවුරු කිරීමට යොවුන් පෙරමුණ සැරසෙයි.



එක්සත් ජාතික යොවුන් පෙරමුණ ගම් නියම්ගම් සිසාරා සාමාජිකයින් බඳවා ගනිමින් ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදි රාමුව තුළ ක්‍රමවේද රැසක් ක්‍රියාවට නංවා තිබෙන බව ජාතික යොවුන් පෙරමුණේ සභාපති ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් වි‍ජයවර්ධන මහතා පැවසීය. ජාතික යොවුන් පෙරමුණ දැවැන්ත කාර්යභාරයක් මැතිවරණයේදී ඉටු කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය තහවුරු කිරීම උදෙසා සෑම ආසනයක් පාසාම කටයුතු කළ යුතු ආකාරය ගැන නියෝජිතයන් දැනුවත් කළ බවත් ඇමැති රුවන් විජයවර්ධන මහතා පැවසීය. සෑම නියෝජිතයකුටම ඉලක්කගත වැඩසටහන් භාරදී තිබෙන බවත් පැවසීය.

සෑම ආසනයක් පාසාම වෙසෙන ජනතාවගේ පොදු ගැටලු හඳුනාගැනීමේ වැඩපිළිවෙළක නිරත වෙමින් ප්‍රතිසංවිධාන කටයුතු සිදු කරගෙන යද්දි මැතිවරණයක් ප්‍රකාශයට පත්වුණි. එසේ වුවද බාධාවකින් තොරව සෑම කාර්යයක්ම හරියාකාරව සිදුවීගෙන යන බවත් ඒ මහතා පැවසීය.


No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.