Ad

එජාපයට තුනෙන් දෙකක බලයක්.


ඉදිරි මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට තුනෙන් දෙකක බලයක් හිමිවනු ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. 

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ගෙවී ගිය මාස කිහිපය තුළ මෙරට ජනතාවට දැනෙන වෙනසක් සිදු කිරීමට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට හැකි වූ බවයි. 

කෘතහස්ත දේශපාලඥයකු වූ දිවංගත වී.ඒ සුගතදාස මහතාගේ 42 වන ගුණානුස්මරණය නිමිත්තෙන් කොළඹ සිරිමාවෝ බණ්ඩාරණායක මාවතේ පිහිටි ඒ මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදු කෙරුණි. 

එහි දී අදහස් දැක්වු මුදල් අමාත්‍යවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය රට වෙනුවෙන් කළ මෙහෙවර ජනතාව යළි යළිත් සිහිපත් කරමින් සිටින බවයි. 

දිවංගත සුගතදාස මහතා වැනි ශ්‍රේෂ්ඨ නායකයන්ට කෘතගුණ දැක්විය හැකි හොඳම ආකාරය වන්නේ එක්සත් ජාතික පක්ෂයේ පාලනයක් බිහිකිරිම බව අමාත්‍යවරයා පැවසීය.

ඒ සඳහා ඉදිරි මහ මැතිවරණයේදී තුනෙන් දෙකක බහුතරයක් සහිත පාලන බලයක් එක්සත් ජාතික පක්ෂය ලබා ගනු ඇති බව මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය. 

සුළුතර ආණ්ඩුවකින් මාස කිහිපයක් වැනි කෙටි කාලයක් තුළ රටේ ජනතාවට ලබා දුන් සහන පිළිබඳ සිහිපත් කළ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ බහුතර බලයක් සහිත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකින් රටේ ජනතාවගේ ගැටලු සම්පූර්ණයෙන්ම විසඳිය හැකි වනු බවයි.

එම අවස්ථාවට සුගතදාස මහතාගේ ඥාතීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. 


No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.