Ad

ජෝන් කීල්ස් කැසිනෝ බලපත්‍රය ගන්න මිලියන 500 සජින් වාස්ට දීලා?


යහපාලන ආණ්ඩුව විසින් ස්ථාපත  මූල්‍ය අපරාධ විමර්ශණ දෙපාර්තමේන්තුව (FCID) සමග ඩීල් දැමූ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින වාස් ගුණවර්ධන තවත් මූල්‍ය වංචාවක් හෙලිකර තිබේ.

එනම් ජෝන් කීල්ස් හෝල්ඩිං සභාපති සුසන්ත රත්නායක විසින් කැසිනෝ බලපත්‍රය රැකගැනීම සඳහා රුපියල් මිලියන 500 ක් සජින් වාස් ගුණවර්ධනට ගෙවා ඇති බවට වූ හෙලිදරව්වයි. 

පාරිභෝගික විශ්වාසය දිනාගත් සමාගමක් වන ජෝන් කීල්ස් හෝල්ඩිං සමාගම මේ ගණුදෙනුව සම්බන්ධයෙන් පැහැදිලි කළ යුතු වුවත් එම සමාගම සහ එහි අධ්‍යක්ෂක මණ්ඩලය  තවමත් මුණිවත රකිමින් සිටී.
වත්මන් රජයේ බොහෝ දෙනෙකු සමග සජින් වාස් ගුණවර්ධනට ඉතා කිට්ටු ව්‍යාපාරික හා සමාජ සබඳකම් පැවතුනි. වත්මන් රජයේ ඇමතිවරු, රෝසි සේනානායක, චන්ද්‍රාණි බණ්ඩාර, සජිත් ප්‍රේමදාස ස ජෝන්අමරතුංග ඒ අය අතර වෙයි. එසේම සජින් වාස්ට ව්‍යාපාරික ප්‍රජාවේ ඉතා බලසම්පන්න වූ මිත්‍රයින් සිටි අතර  ඔවුන්ගෙන් සජින්ට නිරුතුරුම උත්සව වලට ආරාධනා ලැබිණි.

අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් යනු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ඉහළ පෙලේ ව්‍යාපාරික ප්‍රජාවේ අතරමැදියා ලෙස කටයුතු කරනු ලබන පුද්ගලයාය.   ව්‍යාපාරික දැවැන්තයන් වන හැරී ජයවර්ධන, අෆ්රොෆ් ඔමාර්, හරීන් කුරේ, දයාන්, ධම්මික, නිමල් පෙරේරා, පේජ් සහ සුසන්ත රත්නායක ඒ අතර සිටී. තම උවමනාවන් ඉටු කර ගැනීමට සජින් හා සම්බන්ධ කම් පැවැත්වූ මොවුන් මේ වන විට ඔහුව අමතක කර තිබේ.

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්  සිදුකළ සේවක අර්ථ සාධක අරමුල (EPF)සම්බන්ධ ගණුදෙනු හෝ වර්තමාන මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ගේ බෑනා නිරතුරුවම මුදල් අමාත්‍යංශයට යාම් ඊම් සිදුකිරීම හෝ මුදල් අමාත්‍යවරයාගේ විශ්වාසනීයත්වය පිළිබඳව මූළ්‍ය අපරාධ විමර්ශණ දෙපාර්තමේන්තුව විමර්ශණ කිරීමට තවමත් අසමත්ය. FCID විසින් බැඳුම්කර වංචාව විමර්ශණය නොකිරීම, එම වංචව සිදුකළ අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම නිසා රජයේ මූල්‍ය අංශය පිළිබඳව වූ විශ්වාසය බිඳ වැටී ඇති බව වෙළඳපළ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මේ අතර ආණ්ඩුවේ සිටින වංචාකාරයින් ගැන විමර්ශණ කර පසුව තමන්ගේ කුණු සෙවීමට එන්නැයි  එක්සත් නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු පවසයි.

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.