Ad

අමෙරිකාවේ ප්‍රජා විද්‍යාල ක්‍රමය මෙරටට - සාගල.


අමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රියාත්මක වන ප්‍රජා විද්‍යාල ක්‍රමය (community college) මෙරටට හඳුන්වාදෙන බව දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා පැවැසීය. ඇමැතිවරයා එසේ ප්‍රකාශ කෙළේ, පෙරේදා( 26 ) ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයේ පැවැති උත්සවයකට සහභාගි වෙමිණි.

මෙරට අධ්‍යාපනය පන්ති කාමරයකට සිර නොකර විවිධ හැකියාවන් ගොඩ නැගෙන අධ්‍යාපන ක්‍රමයක් බවට පත්කළ යුතු යයිද ප්‍රකාශ කළ ඇමැතිවරයා වර්තමානයේ අධ්‍යාපනය නිම කළ දරුවන් රැකියාවකට පිවිසෙන විට බොහෝ අවස්ථාවන්හිදී විවිධ ගැටලු ඇතිවෙන බවද කීය.

වර්තමාන රජය රටේ ආර්ථිකය ශක්ති කිරීමට දැඩි‍ලෙස කැපවී ක්‍රියාකරනවා යයිද පැවසූ ඇමැතිවරයා ශක්තිමත් ආර්ථිකයක් බිහිකිරීමේදී උගත් පිරිසකගේ සහය ඉතා වැදගත් බවත් උගතුන් වැඩි වැඩියෙන් බිහිවීම සඳහා නිවැරදි, ශක්තිමත් අධ්‍යාපණයක් ක්‍රියාත්මක කළ යුතු යයිද ප්‍රකාශ කළේය. එක්සත් ජනපදයෙහි ක්‍රියාත්මක වන කමියුනිටි කොලේජ් හෙවත් ප්‍රජාවිද්‍යාල ක්‍රමය ඉතා හොඳ අධ්‍යාපන ක්‍රමයක් යයිද අලුත් දෙයකට යොමුවීමේදී පළමුව ගැටලු ඇතිවිය හැකි බවත් නව අධ්‍යාපන උපක්‍රම යොදා ගැනීමට වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් කීය.

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.