Ad

තරුණ සේවාවේ ප්‍රතිපත්ති අදටත් වලංගුයි.


රජයන් වෙනස්වන විට වෙනස් නොවන ආර්ථික ප්‍රතිපත්තියක් ගොඩනැංවීම රජයේ අරමුණ බවත් වසර හතලිහක් පුරා රජයෙන් රජයට වෙනස් නොවන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මකවූ ආයතනය ජාතික තරුණ සේවා සභාව බවත් දක්ෂිණ සංවර්ධන අමාත්‍ය හා අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.

එදා තරුණ කටයුතු ඇමතිවරයාව සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හඳුන්වාදුන් වැඩසටහන් අදටද වලංගු ඒවා. එසේ වූයේ දුරදක්නා නුවනින් සැකසූ ඒවා නිසා බවත් රත්නායක මහතා කීවේ ය.

අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කළේ ජාතික යෞවන ක්‍රීඩා උළලේ දැල් පන්දු තරග මාතර උයන්වත්ත පාපන්දු පිටියේදී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. ආරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්වූ අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද කීවේ ය.

හොඳ ආර්ථික ශක්තියක් දියුණු වන රටකට අවශ්‍යයි. අපි මේ උත්සාහ ගන්නේ අන්න ඒ තත්වයට රට ගෙන යන්නයි. තරුණයන්ට හෙටට අවශ්‍ය රැකියාවම පමණක් නොවෙයි. ඊට වඩා එහා ගිය බොහෝ දේ තරුණයින් වෙනුවෙන් හෙටට අවශ්‍යයි.

නව රජය ආයෝජන මගින් ඉදිරියට යනවා. සංවර්ධනයට අවශ්‍ය නිපුනතාවන්ගේ මදිකම අද ප්‍රශ්නයක්. උසස් පෙළ සමත්වී හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට නොගියත් අවශ්‍ය නිපුනතා ඇත්නම් දිනිය හැකියි. තරුණ සේවා සභාවට එය කළ හැකියි.

අද රට පුරාම ඇති යෞවන සමාජවල තරුණ තරුණියන් මාතරට පැමිණ සිටිනවා. එය අපට, අපේ නගරයට ලොකු ගෞරවයක්. ඒ පිළිබඳ මා සතුටට පත්ව සිටිනවා.

අග්‍රාමාත්‍ය තුමා තුළ අදටත් තරුණසේවා පිළිබඳ ලොකු උනන්දුවක් තිබෙනවා. ඉදිරියේ තරුණ තරුණියන් වෙනුවෙන් ලොකු වැඩකොටසක් කරන්න බලාපොරොත්තු වෙනවා.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ වැලිඅංගේ මහතා ඇතුළු තරුණසේවා සභා අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින්, තරුණසේවා නිළධාරීන් හා තරුණ, තරුණියන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එකවූහ.


AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.