Ad

එජාපයේ ඇතුලෙත් ගින්දර - පිටත් ගින්දර - මැදින් සවුන්දරද?


එක්සත් ජාතික පක්ෂයේ අනුබද්ධිත සංවිධාන කිහිපයක් තුල බල අරගලයන් නිර්මාණය වී ඇතැයි Info Sri Lanka News වෙත වාර්තා වේ.

ඉන් ප්‍රමුඛතම අර්බුධය බවට පත්ව ඇත්තේ ජාතික යොවුන් පෙරමුණ තුල නිර්මාණය වී ඇති අර්බුධය යි.

එම අර්බුධය මේ වන විට ෆේස්බුක් සමාජ ජාලය තුල ප්‍රසිද්ධියේ ඇවිලෙමින් තිබේ. 

ජාතික යොවුන් පෙරමුණේ සාමාජිකයෙක් වන ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන එරන්ද වැලිඅංගේ සම්බන්ධයෙන් මෙම එක් අර්බුධයක් නිර්මාණය වී ඇත. 

එරන්ද වැලිඅංගේට එරෙහිව ගෙන යන්නේ මඩ ව්‍යාපාරයක් බවත් ඒ පසුපස සිටින්නේ පසුගිය මැතිවරණ සමයේ විකාශය වූ වෙළඳ දැන්වීමක් නිසා ප්‍රසිද්ධියට පත්වූ එම සංවිධානයේ ක්‍රියාකාරී කමිටු සාමාජිකාවකගේ සැමියෙකු බවටත් ඇතමුන් චෝදනා කරන අතර තවත් පිරිසක් චෝදනා කරන්නේ එරන්ද වැලිඅංගේ තමන් විසින් තමන්ට ම මඩ ගසා ගැනීමේ ක්‍රියාවලියක නිරත වන බවයි.

මෙම අර්බුධය දේශපාලන විවේචන වලින් ඔබ්බට ගොස් පුද්ගලික කාරණා සම්බන්ධ කරගනිමින් චෝදනා එල්ල කරගන්නා මට්ටමටම මේ වන විට වර්ධණය වී තිබේ. 

එසේම ඇතැම් පිරිස් විසින් එම පක්ෂයට සම්බන්ධ අනෙකුත් සංවිධාන අඩපන කිරීමට විවිධ නියෝජිතයන් හරහා මෙන්ම එම සංවිධාන වල නියෝජිතයන් බිලී බා ගනිමින් කටයුතු කරමින් සිටින බවට ද චෝදනාවන් එල්ල වෙමින් තිබේ.

කෙසේ නමුත් මේ පිළිබඳව අදහස් දැක්වූ එම පක්ෂයේ ක්‍රියාකාරිකයෙක් පැවසුවේ ඇතැමුන්ගේ බල අරගලයන් නිසා සමස්ත පක්ෂයම අර්බුධයට පත්වන බවයි. ඔවුන් පක්ෂය රට පිළිබඳව හෝ පක්ෂය පිළිබඳව සිතන්නන් නොව තම බඩගෝස්තරය පිළිබඳව සිතන අවස්ථාවාදීන් යැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.


AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.