Port Cityයටත් කළුගල් ප්‍රශ්නයක්.


චීන වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියට කළුගල් කියුබ් කෝටි ගණනක් අවශ්‍ය බවත්, එම අවශ්‍යතාවය සපුරා ගන්නේ කෙසේද යන්න යහපාලන ආණ්ඩුව රටට වහා හෙළි කළ යුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

පරිසර විරෝධී සංවර්ධන ව්‍යාපෘති නිසා මිනිසුන් ලක්ෂ ගණනින් බැට කමින් සිටින මේ මොහොතේ වරාය සංවර්ධන නගර ව්‍යාපෘතියත් දියත් කළ හොත් එහි බලපෑම අද මෙන් දහ දොළොස් ගුණයකින් මුළු රටටම නුදුරේම එල්ල වෙනු ඇති බව එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා පැවසීය.

සිය මැතිවරණ දේශපාලනය වෙනුවෙන් රාජපක්ෂ ආණ්ඩුවෙන් මේ ප්‍රශ්නම ඇසූ ජාතික හෙළ උරුමය සියල්ලට ප්‍රථමයෙන් මේවාට උත්තර දිය යුතු බව ද ඔහු අවධාරණය කළේය.

Info Sri Lanka TV

Powered by Blogger.