දිනේෂ්ට පහරදුන් මැරයා රිමාන්ඩ්භාරයට.


හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ දිනේෂ් දොඩංගොඩ මහතාට අමානුෂික ලෙස පහර දුන් ඉසිර අසේල දිසානායක මිරිහාන පොලීසිය විසින් නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත.

මෙම මැරයාට ප්‍රතිකාර ගැනීමට තරම් හේතුවක් නොවුනද ඔහු මිරිහාන පොලීසියට බලපෑම් කරමින් දිගටම කළුබෝවිල රෝහලේ රැඳී සිටියේය. නමුත් රෝහල් වෛද්‍යවරු ඔහුව රෝහලෙන් ටිකට් කපා දැමූ පසු මාධ්‍යවේදීන්ගේ පීඩනය මත මිරිහාන පොලීසියට මෙම පුද්ගලයාව අධිකරණයට ඉදිරිපත් කිරීමට සිදුවී තිබේ.

දොඩංගොඩ මහතාට පහර දුන් මෙම මැරයා ප්‍රතිකර ලබාගැනිමට යැයි කියමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත පැමිණ ඇති අතර එහිදී ඔහු රෝහල් පොලීසියට පවසා ඇත්තේ තමා සිවිල් පුරවැසියෙකු බවයි. නීතිඥයන්ට හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෝ සිවිල් පුරවැසියන්ට පහරදීමේ අයිතියක් නොමැති බවත් ඔහු රෝහල් පොලීසියට පවසා තිබේ.

රිමාන්ඩ්භාරයට පත්කිරීමෙන් පසු මොහු සහ මොහුගේ සහචරයන් බන්ධනාගාර අධිකාරීන්ට බලපෑම් කරමින් සිටින්නේ රෝගී බව කියා බන්ධනාගාර රෝහලට හෝ මර්චන්ට් වාට්ටුවට ඇතුළත් කරන ලෙසය.

No comments:

Info Sri Lanka TV

Powered by Blogger.