නවින්ට අවවාද : රවීගේ බොරු වීරකම් අහවරයි.


රජයක ඇමතිවරයෙක් ලෙස වගකීම් සහිතව හැසිරෙන ඉගනගන්නා ලෙස ඇමති නවින් දිසානායක මහතාට දැඩි ලෙස අවවාද කර ඇති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, බොරු වීරයින් නොවන ලෙස මුදල් ඇමති රවී කරුණානායක මහතාට ද අවවාද කර ඇත.

ඒ, 23දා හැන්දෑවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රැස්වීම පැවති අවස්ථාවේදී ය.

අග්‍රාමත්‍ය රනිල්වික්‍රමසිංහ මහතා එහිදී රවී කරුණානායක හා නවීන් දිසානායක ඇමතිවරුන්ට දැඩි ලෙස දෝෂාරෝපණයක් කරනු ලැබු බව වාර්තාවේ.

තේ මණ්ඩලයේ අරමුදල මුදල් ඇමතිවරයා විසින් භාණ්ඩාගාරයට පවරා ගැනීමට ගත් තීන්දුව විවේචනයක කර තමන් ඇමති ධූරය අත්හරින්නට සූදානම් බව ඉගි කරමින් නවීන් දිසානායක මහතා විසින් පසුගිය 20 දා කරනු ලැබූ ආන්දෝලනාත්මක ප්‍රකාශයත්, ඊට රවී කරුණානායක ඇමතිවරයා විසින් ලබා දුන් දැඩි පිළිතුරත් පසුගිය දින දෙක තුළ මධ්‍යය තුළ කැළඹීමක් ඇති කළ ආකාරය ගැන අගමැතිවරයා දැඩි ලෙස කෝප වී සිටි බව පැවසේ.

මේ පිළිබදව අගමැතිවරයා කළ කරුණු විමසීමේදී රවී කරුණානායක මහතා පවසා ඇත්තේ, මේ ප්‍රශ්නය මුලින්ම ඇතිකළේ නවීන් බවය. තමන් පිලිතුරු දුන්නේ නවීන්ගේ ව්‍යසනකාරී ප්‍රකාශයට බව ඔහු සඳහන් කර තිබේ.

ඒ අවස්ථාවේදී නවීන් දිසානායකත් තමන්ගේ පාර්ශවයෙන් කරුණු දක්වමින් උණුසුම් කතාවකට එළඹ ඇති අතර, අගමැතිවරයා මේ අවස්ථාවේ මැදිහත්ව ඉතා දැඩි ලෙස දෙදෙනාටම අවවාද කර දේශපාලන පක්ෂයක පැවතිය යුතු මූලික විනය පිළිබද නැවත හදාරන්න යැයි දෙදෙනාටම දැඩිව පවසා තිබේ.

කෙසේවුවද, ශී‍්‍ර ලංකා තේ මණ්ඩලය යටතේ ඇති අමෙරිකානු ඩොලර් මිලියන 50 ක පමණ මුදලක් මුදල් අමාත්‍යාංශයට පවරා ගැනීම සඳහා වූ ලිඛිත ඉල්ලීමක් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය වෙත මෙතෙක් ලැබී නැතැයි වාර්තා වේ.

එවැනි පවරා ගැනීමක් සිදුවුවහොත් තමන් අමාත්‍ය ධුරයෙන්ද ඉල්ලා අස්වන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා මීට පෙර කියාසිටි අතර, එම ප‍්‍රකාශයෙන් පසු ඇමතිවරයාට විශේෂ සාකච්ඡාවක් සඳහා ජනාධිපතිවරයාගෙන් කැඳවීමක්ද තිබිණ.

ඒ සඳහා වේලාව වෙන්කර තිබුණේ ඉකුත් සඳුදා වුවද, අදාල හමුව මේ දක්වා සිදුවී නොමැත.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.