එජාප-ශ්‍රී ලනිප විශේෂ සාකච්ඡා වටය අද ඇරැඹෙයි.


එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගොඩනැඟීම සඳහා විශේෂ සාකච්ඡා වටයක් ආරම්භ කර ඇති අතර එහි පළමු සාකච්ඡාව අද පැවැත්වීමට නියමිතය.

පක්ෂ දෙකේම මහ ලේකම්වරුන්ගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් සාකච්ඡා කිරීම සඳහා පත් කර ඇති අතර එම කණ්ඩායම් සෑම සති දෙකකටම වරක් මුණගැසී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

අමාත්‍යවරුන් කටයුතු කිරීමේදී සිදුවන ගැටලු සහ පක්ෂ දෙක අතර උද්ගත වී ඇති මතවාද පිළිබඳ මෙහිදී අවධානය යොමු කරනු ඇත.

No comments:

Info Sri Lanka TV

Powered by Blogger.