රාජකීය ශිෂ්‍ය නායකයෝ සිසුන්ට බලෙන් තණකොල කවති?


කොළඹ රාජකීය විදුහලේ ශිෂ්‍ය නායකයින් පිරිසක් විසින් තම විද්‍යාලයේම සිසුන් පිරිසකට බලෙන් තණ කොළ කන්නැයි බලකර ඇති බව වාර්තා වෙයි.

අනවශ්‍ය වීඩියෝ නැරඹුවේ යැයි කියමින් මෙම ශිෂ්‍ය නායකයින් එම පිරිසට තණකොල කන මෙන් බල කර තිබේ.

අදාළ සිදුවීමට මුහුණදුන් සිසුන් පිරිස එම ශිෂ්‍යනායකයින්ට එරෙහිව කුරුඳුවත්ත පොලීසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. 

මේ පිළිබඳ කුරුදුවත්ත පොලීසියෙන් විමසීමක් සිදුකළ විට ඔවුන් ප්‍රකාශ කළේ එම සිදුවීම සිසුන් දෙපිරිසක් අතර ඇති වූ සුළු ගැටුමක් පමණක් බවයි.

කෙසේවුවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසුවේ මීට අදාළ කිසිදු පැමිණිල්ලක් පොලිසියට ඉදිරිපත් වී නොමැති බවයි.

ශිෂ්‍ය නායකයින්ගේ මෙවැනි කටයුතු නිසා පාසලේ එදිනෙදා වැඩකටයුතුවලට බාධාවක් වී ඇතැයි ද එම විද්‍යාලයේ සිසුන්ගේ දෙමව්පියෝ අදහස් දක්වමින් පැවසූහ.

මේ පිළිබඳ කොළඹ රාජකීය විද්‍යාලයෙන් අදහසක් ලබා ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක විය.

(Asian Mirror)

No comments:

Info Sri Lanka TV

Powered by Blogger.