Ad

NSBM සිසුන්ට පොළී රහිත ණය.


රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීම සඳහා කඩඉම් ලකුණු ප්‍රමාණවත් නොවන සිසුන්ට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් පිළිගත් රාජ්‍ය නොවන උපාධි ප්‍රදානය කරනු ලබන ආයතනවල උපාධි පාඨමාලා හැදැරීම පිණිස රුපියල් 800,000/- උපරිම ණය සීමාවකට යටත්ව, පොලී රහිත ණය පහසුකම් සැපයීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට 2017 අයවැය මඟින් යෝජනා කරන ලදී.

ඒ අනුව, මෙහි පළමු පියවර වශයෙන් 2014 සහ 2015 වසරවල පවත්වන ලද උසස් පෙළ විභාගයේදී ලබාගන්නා ලද කඩඉම් ලකුණු පදනම් කරගෙන මේ සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් තෝරා ගැනීමටත්, මේ සඳහා ප්‍රමාණවත් පරිදි අවශ්‍ය යටිතල පහසුකම් සහිත ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව විද්‍යායතනය (NSBM) සම්බන්ධ කරගනිමින් මෙම පළමු අදියර ක්‍රියාත්මක කිරීමටත් කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.