Ad

මෝදිගේ ආරක්‌ෂාවට 'බ්ලැක්‌ කැට්‌ස්ලා' ඇවිත්.


මෙරට පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උත්සවය සදහා සහභාගිවීමේ අරමුණින් අද (11 දා) පස්‌වරුවේ මෙරටට පැමිණෙන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරක්‌ෂාව සඳහා ඉන්දීය 'බ්ලැක්‌ කැට්‌ස්' කමාන්ඩෝ භට පිරිසක්‌ මෙරටට පැමිණ ඇතැයි 'දිවයින' පුවත්පත වාර්තා කරයි.

මෝදි අගමැතිවරයාට හැටන් දික්‌ඔය රෝහල විවෘත කිරීම සඳහා යැම පිණිස ඉන්දීය ගුවන් හමුදාව එම් අයි 17 හෙලිකොප්ටර් දෙකක්‌ද මෙරටට එවා ඇතැයි එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

ඉන්දීය ජනරජයේ පරිත්‍යාගයක් ලෙස රුපියල් මිලියන 1100ක වියදමින් ඉදිකරන ලද අංගසම්පූර්ණ දික්ඔය දිස්ත්‍රික් මූලික රෝහල ජනතා අයිතියට පත් කිරීම ඉන්දීය ජනරජයේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා විසින් හෙට (12දා) දවල් 12.05ට යෙදෙන සුබ මොහොතින් සිදු කෙරේ.

ඉන්දීය අගමැතිවරයාගේ ආරක්‌ෂාවට පොලිස්‌ භටයින් 6000 ක්‌ යෙදවීමටද ශ්‍රී ලංකා රජය කටයුතු යොදා ඇත.

අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු ඔහු මෙරටට පැමිණෙන දෙවන අවස්ථාව මෙයයි. මෝදි අග්‍රාමාත්‍යවරයා  හෙට (12) පස්වරුවේ යලි මෙරටින් පිටව යාමට නියමිතය.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.