කුෂාන් ජයසිංහගේ නවතම විලාසිතා නිර්මාණ මන්දිරය රාජගිරියේදී විවෘත වූ වගයි.


යොවුන් , ජනප්‍රිය හා ප්‍රවීන විලාසිතා නිර්මාණ ශිල්පී  කුෂාන් ජයසිංහගේ නවතම විලාසිතා නිර්මාණ ශාඛාව නො.22/A/1 මැදවැලිකඩ පාර, රාජගිරිය යන ස්ථානයේදී පසුගිය 05 වෙනිදාට යෙදුනු සුබ මොහතින්  විවෘත විය. හෙළ සිනමා නිළි රැජින මාලනී ෆොන්සේකා සහ වත්මන් හෙළ සිනමාවේ රංග අධිපති රවීන්ද්‍ර රන්දෙනියගේ ප්‍රධානත්වයෙන් විවෘත වූ මෙම අවස්ථාව සඳහා සිනමා, ටෙලි නාට්‍ය , රූපලාවන්‍ය, මෝස්‌තර නිරූපණ ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් එක්වූහ.

සිංහල සිනමාපට වසර 70 ක් පිරීම නිමිත්තෙන් අනුලා කරුණාතිලක, මාලනී ෆොන්සේකා, ගීතා කුමාරසිංහ, සබීතා පෙරේරා, දිල්හානි අශෝකමාලා සහ සංගීතා වීරරත්නගේ සහභාගිත්වයෙන් හැඩවුණු නිළ ඡායාරූපයේ විලාසිතා  නිර්මාණ ශිල්පියා ලෙසින් කටයුතු කල කුෂාන් ජයසිංහ, මෙරට  විලාසිතා නිර්මාණ ක්ෂේත්‍රය තුල නව මානයන් සොයා ගිය විලාසිතා  නිර්මාණ ශිල්පියෙකු ලෙසින් ප්‍රකටය. විලාසිතා නිර්මාණ කාර්යට අමතරව මනාලියන් උදෙසා මංගල ඇදුම් පැළදුම් නිර්මාණය කරවාගැනීමේ පහසුවද  විවෘත වූ මෙම ශාඛාව හරහා ලබා ගැනීමට ගනුදෙනුකරුවන්ට හිමිවේ. 

කුෂාන් ජයසිංහ - 0711319970/Email-  jaykushan10@gmail.com/ Face book – Kushan Namal Jayasinghe

















No comments:

Info Sri Lanka TV

Powered by Blogger.