විජයදාස අස්‌කරන්න ජනපතිට දැනුම්දෙන බව අගමැති කියයි.


අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා එම ධුරයෙන් අස්‌කිරීම සම්බන්ධව එජාපය ගත් තීරණය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වී දැනුම් දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්‌ඩු පක්‍ෂ එජාප මැති ඇමැතිවරුන් හමුවේ ඊයේ (21 වැනිදා) ප්‍රකාශ කර ඇත. 

විජයදාස රාජපක්‍ෂ මහතාට එම ධුරයෙන් ඉවත් වීමට එජාපය ඊයේ (21 වැනිදා) තෙක්‌ කල් දී තිබූ නමුත් රාජපක්‍ෂ මහතා ඉල්ලා අස්‌ නොවුණු හෙයින් ඒ මහතා ඉවත් කිරීමට අදාළ ලිපියක්‌ ද අගමැති විසින් ජනාධිපතිවරයා වෙත භාර දෙනු ඇතැයි ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරයෙක්‌ පැවසීය.

ඒ අනුව අද (22 වැනිදා) දිනය ඇතුළත විජයදාස රාජපක්‍ෂ මහතාට ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වීමට සිදුවනු ඇතැයි ද ඉහත මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසීය.

ආණ්‌ඩු පක්‍ෂයේ එජාප මැති ඇමැතිවරු කණ්‌ඩායම අරලියගහ මන්දිරයේදී ඊයේ (21 වැනිදා) සවස හමු වූ අවස්‌ථාවේදී අගමැතිවරයා මේ බව එම මන්ත්‍රී කණ්‌ඩායම හමුවේ පවසා ඇත.

මෙම රැස්‌වීම සඳහා ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා සහභාගි නොවීමද විශේෂත්වයකි.

Powered by Blogger.