Ad

සුජීව රාජ්‍ය ඇමතිකමෙන් දොට්ට.


එජාප මුලස්ථානය වන 'සිරිකොතේ'දී පසුගියදා මාධ්‍ය හමුවක් කැදවමින් ජනාධිපතිවරයා දැඩිව විවේචනය කල රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා සම්බන්ධයෙන් විනය පියවරක් ගන්න ලෙස ශ්‍රීලනිප අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා මාර්ගයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ.

සේනසිංහ මහතා විසින් කල ප්‍රකාශයන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා බලවත්සේ කනස්සල්ලට පත්ව සිටින බව එම ශ්‍රීලනිප ඇමතිවරු මලික් සමරවික්‍රම මහතාට දැනුම්දී ඇත.

මෙම ශ්‍රීලනිප ඇමතිවරුන් පිරිස තවදුරටත් සමරවික්‍රම ඇමතිවරයා සමග පවසා ඇත්තේ ඕනෑම විටෙක සුජීව සේනසිංහ මහතාට එරෙහිව ප්‍රතිචාර දැක්වීමට තමන් සුදානම් බවයි.

අගමැතිවරයා ඉන්දීය සංචාරය අවසන් කර මෙරටට පැමිණි පසු සුජීව සේනසිංහ මහතා සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නා බව සමරවික්‍රම මහතා ශ්‍රීලනිප ඇමතිවරුන්ට පවසා ඇත.

No comments:

Powered by Blogger.