අතිවිශේෂ උසාවියේ පළමු නඩුව බැඳුම්කරේ?


අලූතින් පිහිටු වීමට නියමිත දුෂණ විරෝධී මහාධිකරණ තුනෙන් ඒකක පළමුව ගොනු වීමට ඉඩ ඇත්තේ බැඳුම්කර සිද්ධියට අදාළ නඩුව බවට තොරතුරු වාර්තාවේ.

මෑතක සිදු වූ දුෂණ අක‍්‍රමිකතා සම්බන්ධ නඩු පළමුව විභාග කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවීම ඊට හේතුවයි. ඒ අනුව දැනට සිටින මහාධිකරණ විනිසුරුවන්ගේ සංඛ්‍යාව 75 ඉදිරියේ දී 110 දක්වා වැඩි කිරීමට නියමිතය. මේ සඳහා අලූතෙන් මහාධිකරණ 10ක් ස්ථාපිත කිරීමට ද සැලසුම් කර ඇත.  

ඊට අමතරව නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින අධිනීතිඥවරුන් 118 දෙනා ලබන ජනවාරි වන විට 218 දක්වා වැඩි කිරීමටත් නියමිතය. 

මේ වන විට බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවල දී හෙළිව ඇත්තේ පර්පචුවල් ටෙ‍්‍රෂරිස් සමාගමේ හිටපු අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප‍්‍රධානත්වයෙන් පත් වූ කමිටුවේ මන්ත‍්‍රීවරුන් පස්දෙනෙකු සමඟ දුරකථන සංවාද පවත්වා ඇති බවයි. 

දයාසිරි ජයසේකර මහතා සමඟ දුරකථන සම්බන්ධතා 2ක්, අජිත් පෙරේරා මහතා සමඟ දුරකථන සබඳතා 2ක් හෙක්ටර් අප්පුහාමි හා හර්ෂණ රාජකරුණා සමඟ දුරකථන සංවාද 23 බැගින් සහ සුජීව සේනසිංහ සමඟ දුරකථන සංවාද 62ක් පවත්වා ඇති බව බැඳුම්කර ජනාධිපති කොමිසමේ දී හෙළි වී ඇත. ඊට අමතරව රවී කරුණායක මහතා සමඟ දුරකථන සංවාද 84න් හා කෙටි පණිවුඩ 37ක් කරුණානායක මහතාගේ බිරිය වන මෙලා කරුණානායක මහත්මිය සමඟ දුරකථන සංවාද 320ක් හා කෙටි පණිවුඩ 11ක් හුවමාරු වී ඇත. ඊට  අමතරව කරුණානායක මහතාගේ දියණිය වන ඔනෙල්ලා කරුණානායක මෙනවිය සමඟ අවස්ථා 18ක දී දුරකථන සංවාද පවත්වා ඇති බව ද කොමිසම හමුවේ හෙළි විය

No comments:

Latest Video

Powered by Blogger.