'හංගන්න දෙයක් නෑ - වැරදි වෙන්න පුළුවන්' - අගමැති


රටට වෙලා තියෙන හානිය බැඳුම්කර කොමිසමේදී පැහැදිලි කිරීමට අවස්ථාව ලැබුණු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(20දා) පැවසීය.

බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ අඩුපාඩු සිදුවිය හැකි වුවද කිසිවක් සැඟවීමට නොමැති බවත්, තමා සහ එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ඇතුළු ඇමතිවරුන් බියකින් තොරව  කොමිසම හමුවේ පෙනී සිටි බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා,

“කොමිසමේ සභාපතිවරයාට ස්තුතිවන්ත වෙනවා මට එම අවස්ථාව ලබාදීම සම්බන්ධව.මට අද හුඟක් කරුණු පැහැදිලි කරන්න අවස්ථාව ලැබුණා.අපේ ආර්ථික ප්‍රතිපත්තිය, රටේ වෙලා තියෙන හානිය ඇතුළු සියල්ලම මට මෙතනදි පැහැදිලි  කරන්න අවස්ථාව ලැබුණා.මමත් අපේ පක්ෂයේ සභාපතිතුමාත්, ලේකම්තුමත්, ඇමතිවරුත් කිසිම බයක් නැතිව ඉදිරිපත් වුණා.

අපි යහපාලනය ඉදිරියට ගෙනියනවා.මොකවත් හංගන්න දෙයක් නැහැ.වැරදි වෙන්න පුළුවන්.අඩුපාඩු වෙන්න තියෙනවා.අපි යහපාලනය ඉදිරියට ගෙනියනවා” යනුවෙන් පවසා සිටියේය.

ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන්  පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.