පලාත් පාලන මැතිවරණය තවත් කල් යයි.

පළාත් පාලන ඡන්ද කොට්ඨාශ සහ සභික සංඛ්‍යාව ඇතුළත් ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (22දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ ඡන්දදායකයන් 6 දෙනෙකු ගොනුකළ පෙත්සම  ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද සලකා බැලූණු අවස්ථාවේදීයි.

ඒ අනුව, මෙම අතුරු තහනම් නියෝගය ලබන මස 4 වනදා දක්වා බලපැවැත් වේ.

මේ හේතුවෙන් ජනවාරි 27 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය තවත් කල් යනු ඇතැයි වාර්තාවේ.

No comments:

Latest Video

Powered by Blogger.