Ad

ණය බරින් මිරිකී සිටින ජනතාව ගැන මහ බැංකුවේ අවධානය දැඩිවෙයි.


ණයගැති භාවය නිසා දැඩි ගැටළුවලට මුහුණ පා සිටින ජනතාව ගැන සිය දැඩි අවධානය යොමු කොට ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. මේ වන විට ග්‍රාමීය ප්‍රදේශවල බහුල වශයෙන් බිහිවී ඇති ණය දෙන ආයතන සම්බන්ධයෙන් මහ බැංකුවේ ස්ථාවරය කුමක්දැයි යන්න පිළිබඳව කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අධිපතිවරයේ මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙසේ පැවසීය.

“රටේ ජනතාවගේ ණයගැති භාවය ගැන අපේ දැඩි අවධානය යොමු කරලා තියෙනවා. විශේෂයෙන්ම පහළ ආදායම් ලබන ජනතාවගේ ණයගැති බව පිළිබඳව. අපි උතුරට ගියා. අපිට කණගාටුදායක සිද්ධි කිහිපයක්ම අසන්නට ලැබුණා. මෙය ප්‍රශ්නයක්. උතුරු මැද පළාත තුළත් මෙය ගැටළුවක් බවට පත්ව තිබෙනවා. මම සැකකරනවා මෙය රටපුරාවටම පැතිරී තිබෙන ගැටළුවක් බවට. මී අදාළ පාර්ශවකරුවන් සමඟ අපි සමීක්ෂණයක් කළා. මේ වන විට මේ සඳහා විසඳුම් ලබා දීමට වැඩපිළිවෙලක් අපි සකසමින් සිටිනවා. එය මුදල් අමාත්‍යාංශයෙන් සිදුකෙරෙන්නේ. ඒ සඳහා මහ බැංකුවේ සහයෝගය හිමිවෙනවා. එය අයවැයේ දී ප්‍රකාශ වනු ඇතැයි මා සිතනවා.“

“මීට අමතරව මුදල් ණයට දෙන පුද්ගලයින් නියාමනය කිරීම සඳහා ක්ෂුද්‍ර මූල්‍ය පනත සංශෝධනය කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතිනවා. දැනට නියාමනය සිදුවන්නේ තැන්පතු භාර ගන්නා ආයතන සම්බන්ධයෙන් පමණයි. ණය දෙන ආයතන නියාමනය සඳහා ක්ෂුද්‍ර මූල්‍ය පනත සංශෝධනය කිරීම සිදුවෙනවා. “

මහ බැංකු අධිපතිවරයා මෙහිදී දැක්වූ අදහස් පහතින් නැරඹිය හැකිය.

(Ada Derana BIZ)


No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.