ටෙලිකොම් දිලීප ඉවත් කරන්නැයි උද්ඝෝෂණ.


ටෙලිකොම් සේවකයින්ට වාර්ෂිකව ලබා දෙන ප්‍රරසාද දීමනා කප්පාදු කිරීමට වගකිව යුත්තා එහි ප්‍රධාන විධායක නිලධාරී දිලීප විජේසුන්දර බවත්, ඔහු අදාළ තනතුරෙන් වහා ඉවත් කළ යුතුබවත් පවසමින් ටෙලිකොම් වෘත්තීය සමිති සංධානය අද සිට විරෝධතා ආරම්භ කිරීමට සැරසෙන බව එම සන්ධානයේ වෘත්තීය සමිතියක ප්‍රකාශකයෙක්පැවසීය.

මීට පෙර වසරවලදී දෙසැම්බර් මාසයට ප්‍රසාද දීමනා ලෙස සේවකයකුට සිය සිවුමසක වැටුප ලැබෙන බව පැවසෙන අතර මෙවර ටෙලිකොම් විධායක නිලධාරියා තීරණය කර ඇත්තේ මසක වැටුපක් ලබාදීමටය.

සමාගම මුහුණදී ඇති මුල්‍ය අර්බුදය හේතුවෙන් මේ තීරණයට පැමිණ ඇති බව පැවසේ.

එම තීරණය වෘත්තීය සමිතිවලට දැනුම් දීමට එහි සභාපති කුමාර සිරිසේන මහතා ඊයේ (21) සවස 3.00ට වෘත්තීය සමිති නායකයින් කැඳවා ඇති අතර ප්‍රධාන විධායකයා එම රැස්වීමට එක් නොවීම හේතුවෙන් ඊට විරෝධය දක්වා ඔවුන් ඉන් ඉවත්ව ගොස් තිබේ.

දිලීප මහතා ඔහුට හිතවත් වෘත්තීය සමිති තුනක් කැඳවා ප්‍රසාද දීමනා කප්පාදුවට එරෙහි නොවන ලෙසට එහි නායකයින්ට අල්ලස් දී ඇති බවටත් වෘත්තීය සමිති නායකයින් චෝදනා කරති.

මේ අතර, දිලීප මහතා මෙරට පුරවැසියකු නොවීමත් ඔහු මසකට රුපියල් ලක්ෂ 24ක පමණ වැටුපක් ලැබීමත් ගැටලුවක් බවද එම වෘත්තීය සමිති ප්‍රධානියා කියා සිටියේය.

අප මේ සම්බන්ධයෙන් තොරතුරු ගැනීමට දිලීප මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධකර ගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය.

(SLM)

No comments:

Latest Video

Powered by Blogger.