FCID අධ්‍යක්ෂක අත්අඩංගුවට ගනී? නොගනී?


පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.ඩී.කේ. ප්‍රියන්ත මහතා වහාම අත්අඩංගුවට ගන්නැයි පොලිස්පතිවරයා නියෝගයක් ලබා දී ඇතැයි වාර්තා වන පුවත් අසත්‍ය බවට විෂය භාර අමාත්‍ය සාගල රත්නායක මහතාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු ජනාධිපති මහින් රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වූ ගාමිණී සෙනරත් අත්අඩංගුවට ගැනීම පමා කලැයි චෝදනා කරමින් අදාළ අත්අඩංගුවට ගැනීමට නියමිත බව අදාල පුවත මඟින් වාර්තා කර තිබුණි.

මෙය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.ඩී.කේ. ප්‍රියන්ත මහතාට එරෙහි පිරිසක් විසින් නිර්මාණය කරන ලද පුවතක් විය හැකි බවට දේශපාලන විශ්ලේෂකයන් සැක පළකරයි.

No comments:

Latest Video

Powered by Blogger.