Ad

කැස්බෑව සංවිධායකට එරෙහි, එජාප තරුණයන්ගේ ස්වාධින කණ්ඩායම ඇප තියයි.


මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා කැස්බෑව නගර සභාව සඳහා තරඟ කරන එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන්ගෙන් සමන්විත ස්වාධීන කණ්ඩායම ඊයේ (16) ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇති බව වාර්තා වේ.

කැස්බෑව එක්සත් ජාතික පක්ෂ දේශපාලනය තුළ විශාල කැපකිරීම් සිදු කළ අපේක්ෂකයින් කිහිපදෙනකු සඳහා කැස්බෑව නගර සභාව සඳහා තරඟ කිරීමට නාම යෝජනා ලබා දීම කැස්බෑව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම පිරිස කැස්බෑව නගර සභාව සඳහා ස්වාධීනව තරඟ කිරීමට තීරණය කර  ඇතැයි වාර්තා වේ.

එම කණ්ඩායම විසින් කැස්බෑව නගර සභා බල ප්‍රදේශයට අයත් සියළුම කොට්ඨාස සඳහා අපේක්ෂකයන් ඉදිරිපත් කර ඇති අතර ඊට,

 කැස්බෑව ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන බලකායේ සභාපති,මාධ්‍ය ලේකම්, කොලමුන්න කොට්ඨාසයේ සංවිධායක, ප්‍රධාන ඡන්ද පොළ නියෝජිත,ශාඛා සංවිධානයේ සභාපති ප්‍රේමසිරි පෙරේරා මහතා, 

කැස්බෑව ජාතික යොවුන් පෙරමුණේ සභාපති, ජාතික යොවුන් පෙරමුණේ කැස්බෑව ආසනයේ නායක, ප්‍රධාන ඡන්ද පොළ නියෝජිත චමින්ද දිල්රුක් රණසිංහ මහතා,

කැස්බෑව ආසනයේ ජාතික යොවුන් පෙරමුණේ උප සභාපති, බෝකුන්දර, ඇරැව්වල කොට්ඨාස සංවිධායක, ප්‍රධාන ඡන්ද පොළ නියෝජිත, මාධ්‍යවේදී තුෂාර දසනායක මහතා, 


ජාතික යොවුන් පෙරමුණේ භාණ්ඩාගාරික, බොකුන්දර ග්‍රාමෝදය මන්ඩලයේ සභාපති ඩිලාන් අත්තනායක මහතා

ඇතුළු එජාප ප්‍රබලයන් රැසක් ඉදිරිපත් වන බව කැස්බෑව ජාතික යොවුන් පෙරමුණේ උප ලේකම් සංක සංජීව කුමාර මහතා ෆේස්බුක් සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.

No comments:

Powered by Blogger.