පක්ෂ 20ක සන්ධානයකින්, පොහොට්ටුව "ඒකාබද්ධ පොදුජන පෙරමුණ" නමින් එයි.


ඒකාබද්ධ විපක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා "ඒකාබද්ධ පොදුජන පෙරමුණ" නමින් "මල් පොහොට්ටුව" ලාංඡනය යටතේ තරග කිරීමට තීරණය කර තිබෙන අතර, දේශපාලන පක්ෂ 20කට අධික සංඛ්‍යාවක් ඊට සහය පළකර ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ ජේ‍යෂ්ඨ නියෝජිතයෙක් පැවැසීය.

උතුර, නැඟෙනහිර පළාත් ඇතුළු රටපුරා "ඒකාබද්ධ පොදුජන පෙරමුණ" තරග කරන බවත් මේ පෙරමුණට එක්ව සිටි දේශපාලන පක්ෂ හා සංවිධාන සමඟ මේ වන විට ගිවිසුම් අස්සන් කර තිබෙන බවත් එම නියෝජිතයා පැවැසීය.

මංගල රැලිය - 04දා බදුල්ලේ දී :

"ඒකාබද්ධ පොදුජන පෙරමුණ" පිහිටුවා ගැනීමෙන් අනතුරුව එහි මංගල ජන රැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සඳුදා (04දා) සවස 2ට බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී පවත්වන බවත් ඒ සඳහා ඒකාබද්ධ පොදුජන පෙරමුණට එක්වී සිටින සියලු දේශපාලන පක්ෂවල නායකයන් සහභාගි වන බවත් එම නියෝජිතයා පෙන්වා දෙයි.

මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් කිහිප දෙනකුම ඒකාබද්ධ පොදුජන පෙරමුණට මේ වන විටත් සහාය පළකර තිබෙන බවත් ඉදිරියේදී ඔවුන්ද එම පෙරමුණට එක්වන බවත් ඒකාබද්ධ විපක්ෂයේ එම ජේ‍යෂ්ඨ නියෝජිතයා වැඩිදුරටත් සඳහන් කළේය.

'අපි පොහොට්‌ටුවෙන්' - මහින්ද කියයි

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ ප්‍රතිපත්තිවලින් සමන්විත 'පොහොට්‌ටුව' ලකුණ යටතේ මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඒකාබද්ධ විපක්‌ෂය සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පැවසිය.

'පොහොට්‌ටුව' ලකුණ යටතේ බණ්‌ඩාරනායක ප්‍රතිපත්තිය රැගෙන ගොස්‌ ජනතාවගේ මනාපය දිනාගැනීමට කටයුතු කරන බව ද රාජපක්‌ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා පොහොට්‌ටුව ලකුණෙන් තරග කිරීම ඒකාබද්ධ විපක්‌ෂයේ සියලුම සාමාජිකයන් කැමැත්ත පළකර ඇති බව පැවසූ මහින්ද රාජපක්‌ෂ මහතා මෙම මැතිවරණය සඳහා උපරිම ශක්‌තිය යොදවන බව ද කීය.

No comments:

Info Sri Lanka TV

Powered by Blogger.