පොහොට්ටු නාම යෝජනාවක් නිසා අපේක්ෂකයෙක් මරුට.


පොදුජන පෙරමුණේ පළාත් පාලන මැතිවරණ නාම යෝජනා  ප්‍රතික්ෂේප වීම නිසා සිත් තැවුලට පත්වූ  පුද්ගලයෙකු හදවත් රෝගී තත්ත්වයට පත්ව මරණයට පත්ව තිබෙනවා.

ඒ,පැටිකිරි ආරච්චිලාගේ දොන් නිමල් අජන්ත විජේසේකර නැමැති පානදුර හිරණ ගල්තුඩේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුයි.

පානදුර මුලික රෝහලේ ඔහුගේ සිරුර තබා තිබියදී මාධ්‍යවේදීන් බව පවසමින් දෙදෙනෙකු එය ඡායාරූප ගැනීමට සුදානම් වී ඇති අතර පසුව රෝහල් බලධාරීන් ඊට විරුද්ධවීම නිසා උණුසුම්කාරී තත්ත්වයක් මතුව තිබෙනවා.

පසුව සිදුවීම  සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසියේ මැදිහත්වීමෙන් පරීක්ෂණයක් පවත්වා ඇති අතර එහිදී මාධ්‍යවේදීන් බව වාර්තාවන පුද්ගලයන් සඳහන් කර ඇත්තේ මාධ්‍යවේදීන්ට ඕනෑම දෙයක් ඡායාරූපගත කළ හැකි බවයි.

පසුව එයට පොලිසිය එකඟ නොවීමට එරෙහිව උද්ඝෝෂණයක් පවත්වන බවද ඔවුන් පොලිසියට සඳහන් කර තිබෙනවා.

No comments:

Info Sri Lanka TV

Powered by Blogger.