බැහැයි කියලා බැහැයි කියලා බෑ!!!


ලමා කාලය..ඒතරම් සුන්දර කාලයක් අපේ ජීවිතවලට ආයෙම එනවනම් කොයිතරම් රසවත්ද... ඇත්තටම අද දරුවන්ට අපේ ලමා කාලය උරුමද ? නැහැ අද උන්ට කොහෙද ලමා කාලයක්.. ඒ ඔබගේ පිලිතුර.. හිතන්න අද ඔබ වැඩිහිටියෙකු නම් අද දරුවන්ගේ ලමා කාලය අහිමි කලේ ඔබ නොවේද..මෙය ලියන මම නොවේද... නූතන තාක්ෂණය සමග මොලකැටි මුසුවූ වර්තමාන ලමා කාලයෙන් කලාව සාහිත්‍ය රසවින්දනය කොයිතරම් ඈතකද ? රසවින්දනයක් කලාවක් නොදන්නා මිනිසෙකුගෙන් ලෝකය ලස්සන වේද..

මේ ගැටලු ඇත්තටම අපිහිතන්න ඕන... සාකච්ඡා වට බදුන් වෙන්න ඕන.. හැබැයි ඒ සුවිසල් දේශනශාලා වල වැඩිහිටියන් එක්ක නෙමෙයි දරුවන් එක්ක.. ඒක හරිම අමාරුයි....වැඩිහිටි මනසකින් ලමා මනස ආමන්ත්‍රණය කිරීම..මටනම් හිතෙන්නේ ඒක කාලයාත්‍රා කිරීමක් ඊටත් වඩා අමාරු දෙයක්.. අද අපි කතාකරන්නේ අන්න ඒ අමාරු දේ බොහොම සැහැල්ලුවෙන් කරපු අපූර්ව ලමා ලෝකයේ මෙන්ව වැඩිහිටි ලෝකයේද විරුවන් වූ මිනිසුන් දෙදෙනෙක් ගැන..

මේ කතාව දිග හැරෙන්නේ ඒ කිව්ව මිනිසුන්ගේ රසගලන තැන් ඔබ හමුවේ තැබුනු දෙවන ලිපිය විදියට..

සුන්දර ටයි මාමා සහ ප්‍රේම්

ටයිටස් තොටවත්තයන් සහ ප්‍රේමකීර්ති ද අල්විස්ගේ අපූරු සුසංයෝගය...

රේඩියෝවේ විප්ලව කාරයා සහ රූප පෙට්ටියේ විශිෂ්ඨතමයා...ගැන තවත් එක් පිටුවකින් අද අපි කතාකරමු!

ඉස්සර රූපවාහිනී හඩ කැවීම් කාමරය කියන්නේ කබඩ් දෙකකින් වටවෙච්ච පුංචි ඉඩ කඩක්.. හරියටම කිව්වොත් මේස කිහිපයක් ඉලෙක්ට්‍රොනික උපකරන කිහිපයක් එක්ක මහ මොල ටිකක් මේක ඇතුලේ තියෙන්න ඇති...

ටයිටස් තොටවත්ත කියන්නේ කට ටිකක් වැඩි නිතර නිතර කේන්ති යන ඒ කේන්තිය මොහොතකින් නිවාගෙන සුදුරැවුල එක්ක හිනාවෙන හාදයෙක්...

ඕයි තමුසේ කවුද අරූ බූරුවා දොස්තර හොදහිතට පමනක්ම නෙමෙයිසීමා උනෙ...

ටයි මාමගේ වචනෙන්ම කිව්වොත් "තමුසෙල පිස්සු පූසා බලපු දොස්තර හොද හිත විදපු උන් නම් ඒ මිනිහා ගැන කතා බස් වහර ගැන අමුතුවෙන් දෙයක් කියන්න තියෙනවද ඕයි...

ටයිටස් තොටවත්ත යනු ලාංකීය හඩකෑවීම් ශ්‍රේස්ත්‍රය තුල දැවැන්ත හැරවුම් ලක්ශයක් කල අද්විතීය කලා කරුවෙක්..

ඇයි මම එහෙම කියන්නෙ ...
,
අපි හැමෝගෙම මතක වචන පෙලවල් වල ඒ සුන්දර මිනිහා සටහන් කල වචන බොහොමයි අදියුරු හඩ දෙකැවි මන්දිරය සකසුරුවම වගේ වචනතුල ටයටස් තොටවත්තයන් ජීවත් උනා.. හඩ කවපු හැම කාටුන් එකක් අවසානෙම වීදුරු කෑලි බිදිලා ගිහින් එකතුවුනේ ටයිටස්.. ඇත්තටම ටයිටස් යන නාමය ඔහුගේ මෙහෙවර තවමත් බිදිලා නෑ...

මම හරිනම් දොස්තර හොදහිත කියන්නේ ලතින් ඇමෙරිකානු ලමා කාටුන් එකක්... (වැරදිනම් හදන්න මතකෙන් කිව්වේ) ඒකේ අපි අද දකින ලා තනකොල පෙත්තාස් බෑන්ඩ් එකේ මුල් නම " ලා බොම්බාස්) ලතින් බාශාවෙන් " ලා " කියන්නේ මෙතන වගේ අර්ථයක්.. ලා බොම්බාස් ලා තනකොල පෙත්තාස් වෙලා තවමත් වැඩිහිටි අපටත් අමතක නොවෙන කටවහරකින් හැදින් වූවේ ටයිටස් මාමා... ඇත්තටම පරම්පරාවෙන් පරම්පරාවට අමතක නොවන වචන ඒ මනුස්සයගේ ඔලුවට කොහෙන් ආවද කියලා හිතාගන්න බෑ. ..

හොදම දේ දරුවන්ට වෙන් කල ටයිටස් තොටවත්තයන් ට ටයි මාමා කියලා කිව්වෙත් දරුවෝ

ඉතින් ඔය ඩොක්ටර් ඩූ ලිට්ස් ..නැත්නම් දොස්තර හොදහිත හඩ කැවීම පටන් ගත්ත කාලේ ලා බොම්බාස් ලා තනකොල පෙත්තාස් උනාට පස්සේ ලා තනකොල පෙත්තාස් ලට ගීතයක් ඕන උනා... මේක ටයිටස් මහත්තයා පැවරුවේ අපි දන්න කියන ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තයට...

සාමාන්‍යයෙන් ප්‍රේමකීර්ති ට කියපු වැඩැක් ඇනෙන්නෙත් නෑ ඕයි කියපු වැඩක් ලේසියෙන් කෙරෙන්නෙත් නෑ කියලා කෑ ගහලම කියන ටයිටස් මාමා මේ වැඩෙත් දෙන්නේ ප්‍රේම්ට.. හේතුව ප්‍රේම්ට පුලුවන් අකුරුවලට කතාකරවන්න..ඒක හොදින්ම දැන ගෙන හිටි දෙන්නෙක් අතර එක්කෙනෙක් ටයිටස් තොටවත්තයන් අනෙකා ප්‍රේමකීර්ති ද අල්විස් ගේ ඝාතකයා.. ඒ මට හිතෙන හැටි

ඉතින් ඩොක්ටර් ඩූ ලිට්ල් එකේ ඉංගිරීසි හෑලි ටික සිංහලට කරකවන අතරේ දවස් තුනක් ගියත් තාම හදපු නැති ලා තනකොල පෙත්තාස් ලගේ ගීතය ගැන මතක්වෙලා එකපාරටම රූපවාහිනී හඩ දෙකැවි මන්දිරේ යකඩ කබඩ් දෙක ටයිටස් මහත්තයගේ කට හඩින් දෙදරන්න ගත්තලු

මොකක්ද අයිසේ ප්‍රේමකීර්ති තමුසෙගේ වැඩ.. උබලට කන බනේමයි.. වැඩක් දුන්නොත් බෑ බෑ බෑ බැහැයි කියලා දෙයක් නෑ ඕයි ලෝකේ ..ඕකට කියන්නේ කම්මැලි කම..කවද හැදෙයිද ඕයි මේරට "

ප්‍රේමකීර්ති ගේ කන් හරගෙන ගියපු මේ බැනුම අස්සෙන් ප්‍රේමකීර්තිටත් යකා නැගලා...

අතුල මෙහෙ ගේනවාඕයි රෙද්ද කොලයක් කියපු ප්‍රේමකීර්ති ද අල්විස් නම් වූ මේ සොදුරු මිනිසා

අර පුල්ස්ක්ලැප් කොලය පිරෙන්න තඩි අකුරෙන්

මෙන්න මේ වචන ටික ලිව්වා
බැහැයි කියලා බැහැයි කියලා බෑ...බෑ බෑ

බැහැයි කියලා බැහැයි කියලා බෑ බෑ බෑ බෑ

බෑ කියලා බැරිය මලේ
බෑ කියලා බැරිය නඟේ
බෑ කියලා බෑ බෑ බෑ...

පස්සේ ඉදගෙන හිටපු වේවැල් පුටුවෙන් නැගිටලා.

ගන්නවාඅයිසේ ඔහෙගේ මගුල කියලා ටයි මාමගේ අතට කොලේ දාපු ප්‍රේමකීර්ති අතුල රන්සිරිලාල්ට නලදත පෙන්නලා හිනා වෙලා එලියට බහින කොටම

ටයිටස් තොටවත්ත අඩේ මරුනේ ප්‍රේමේ වරෙන් ඒයි ගාලා කෑ ගහන්න ගත්තලු..

එතන ඉදන් ටයිටස් තොටවත්ත ඉංග්‍රීසි පද වැල ලියලා දුන්නම අතුල රන්සිරිලාල් දුවගෙන ගිහින් ප්‍රේමකීර්ති මහත්තයට දෙනවලු

ප්‍රේමකීර්ති මහත්තයගේ ඇගිලි වලින් ටක ටකස් හඩ ඉපදෙන ටයිප් රයිටරේ සද්දේ අස්සෙන් එලියට ඇදෙන කොලයක ගීතයේ ඉතුරු ටික මෙහෙම සටහන් වෙන්න කොයිතරම් අපූර්ව හැකියාවක් තියෙන්න ඕනද කියලා මේපද වැලේ සරල කම සහ ලමා මනසටදෙන ඔවදන බැලුවම ඕනම කෙනෙක්ට පැහැදිලි වෙයි

පිපුනේ සුවඳ දෙන්න බෑ යි කියල බෑ
තටු ලැබුණේ පියාඹන්න බෑ යි කියල බෑ
අත් ලැබුණේ වැඩ කරන්න බෑ යි කියලා බෑ
මේ ලෝකේ කිසිම දෙයක් බෑ යි කියලා බෑ

අපි හැදුනේ රට රකින්න බෑ යි කියලා බෑ
රට වෙනුවෙන් වැඩ කරන්න බෑ යි කියල බෑ
යුතුකම් ඇත ඉටු කරන්න බෑ යි කියල බෑ
නඟේ මලේ කිසිම දෙයක් බෑ යි කියලා බෑ

සෝමසිරි ඉලේසිංහ මහත්තයා තනු නිර්මානය කරපු දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මහත්මිය රසාදරී පීරිස් සහ රවින්ද්‍ර මුණසිංහයන් විසින් ගායනා කරපු මේ ගීතය කොයිතරම් අදටත් අපට සමීපද.

.. මේ වෙනකොට ප්‍රේමකීර්ති මහත්තයා සහ ටයිටස් තොටවත්තයන් යන අසහාය කලාකරුවන් දෙදෙනාම අපි අතරේ නැති උනත් පිස්සු පූසා මාලු කට්ටා දිය රකුස් දොස්තර හොද හිත වැනි චරිත ඇතුලේ ලා තනකොල පෙත්තන්ගේ බැහැයි කියලා බෑ ගීත ඇතුලේ ඉදගෙන ඔවුන්ගේ අධ්‍යාත්මය සුවහස් කාලයක් ජීවත් වේවි ඉදිරි අනාගතයෙත්...

ඔවුන් නොමියන මිනිසුන් කියලා කියන්නේ අන්න ඒ නිසාමයි

-ලිව්වේ චරිත් ජනප්‍රිය

No comments:

Info Sri Lanka TV

Powered by Blogger.