Ad

ශ්‍රීලනිප - එජාප ඡන්ද සටන ජනවාරි සිට.


පළාත් පාලන මැතිවරණයේ ප්‍රධාන පක්ෂ සියල්ලම සිය ප්‍රචාරණ කටයුතු ජනවාරි මාසයේ මුල සතියේ සිට ආරම්භ කිරීමට තීරණය කර ඇත.උත්සව සමය අවසන්වීමෙන් පසු සිය ප්‍රචාරණ කටයුතු ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද සැලසුම් කර තිබේ. 

පළාත්  පාලන ආයතන 341ක් වෙනුවෙන් නාමයෝජනා භාර ගැනීම ඉකුත් සතියේ 21 දායින් අවසන් වූ අතර නත්තල් හා අලුත් අවුරුද්ද උදාවෙන මෙම කාලයේ ප්‍රචාරණ කටයුතු කිරීමෙන් ජනතාවට අවහිරයක් වන නිසා ජනවාරි මුල් සතියේ සිට පක්ෂ ප්‍රචාරණ කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එහි නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්ද, එක්සත් ජාතික පෙරමුණ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්ද, ජනතා විමුක්ති පෙරමුණ එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්ද, ශ්‍රී ලංකා ‍පොදුජන පක්ෂය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ද ප්‍රචාරණ රැස්වීම් ආරම්භ කිරීමට නියමිතය.

No comments:

Powered by Blogger.