රාජගිරිය ගුවන් පාලම 9දා විවෘතයි : කැලණි පාලමේ සිට කොටුවටත් ගුවන් පාලමක්.

රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරිම් අවසන් කරන ජනවාරි 09 දා විවෘත කිරීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. 

රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් නියමිත දිනට වඩා මාස 12කට පෙර අවසන් කිරීමට හැකිවූ බවත් අද (21දා) ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පාලම විවෘත කිරීමට නියමිතව ඇති අතර එය මංතීරු හතරකින් සමන්විතය.

මේ අතර කැලණි පාලම අසල සිට කොළඹ කොටුව දක්වා නව ගුවන් මාර්ගයක් ඉදිකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රාජගිරියේ දී පැවසීය.

එම ගුවන් මාර්ගයේ දිගුවක් ලෙස රාජගිරිය, එච්.එස්.බී.සී. ගොඩනැගිල්ල පිහිටා ඇති ස්ථානය දක්වා තවත් ගුවන් මාර්ගයක් ඉදිකිරීමට කටයුතු කරන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු පිළිබඳව සොයා බැලීමේ නිරීක්‍ෂණ චාරිකාවට සහභාගි වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා අද (21) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසීය.

රටේ ආර්ථික සංවර්ධනය සඳහා මාර්ග තදබදය විශාල ප්‍රශ්නයක් වී තිබෙන බැවින් ඊට විසඳුමක් ලෙස කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන සැලසුම් අවශ්‍ය බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, සෑම තැනම මාර්ග ඉදිකරනවා වෙනුවට යම් සැලැස්මක් අනුව මාර්ග ඉදිකිරීම රජයේ අරමුණ බව ද අවධාරණය කළේය.

No comments:

Info Sri Lanka TV

Powered by Blogger.