නාමයෝජනා දෙන්න පොහොට්ටුවෙන් ලිංගික අල්ලස් ඉල්ලලා?


ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා නාම යෝජනා ලයිස්තුවට තම නම ඇතුළත් කිරීම සඳහා දේශපාලඥයන්ගේ ලේකම්වරුන් දෙදෙනෙකු තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටි බව පවසමින් ජනප්‍රිය නිළියක වන මධුෂා රාමසිංහ අද රාජගිරියේ මැතිවරණ මහ ලේකම් කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධයක යෙදුණාය.

එහිදී ඇය කියා සිටියේ ඉදිරි මැතිවරණයේදී තමන් සඳහා නාමයෝජනා දීමට නම් කැමරාව ඉදිරියේ නග්නව සිටිය යුතු බව පවසමින් එම ලේකම් වරුන් දෙදෙනා තමන්ට අයුතු බලපෑම් කළ බවයි.

වත්මන් රජයේ ප්‍රකට දේශපාලඥයකු සමඟ තමන් සමීප සම්බන්ධයක් ඇති බව කියා ඇති ඇය මීට මාස කිහිපයකට ඉහත නිකුත් වූ අනුරාගී විඩියෝවේ සිටින්නේ තමන් යැයි පැතිර යන රාවය දැඩිව ප්‍රතික්ෂේප කරන බවත් එය තමන්ගෙන් පළිගැනීම පිණිස තම සතුරන් විසින් තම රුවට සමාන කාන්තාවක යොදා නිර්මාණය කරන ලද්දක් බවත් කියා සිටියාය.

කෙසේ හෝ මෙම නිහඬ විරෝධය හැරුණු කොට ඇය ඒ සම්බන්ධයෙන් කිසිදු ආයතනයකට පැමිණිල්ලක් කොට ඇති බවක් මෙතෙක් වාර්තා නොවේ.

No comments:

Info Sri Lanka TV

Powered by Blogger.