Ad

හිරුට රැස දුන් ශානුක කරුණාරත්න 'සියත ප්‍රවෘත්ති' සියතට ගනී.


වසර 12 ට වැඩි කාලයක් හිරු/ෂා එෆ්.එම්.නාලිකාවල කටයුතු කල ශානුක කරුණාරත්න මහතා පසුගිය වසරේ දෙසැම්බර් මස හිරුට සමුදුන් අතර වසරක පමණ කාලයක් නිහඬව සිටියා. 

මේ වන විට Voice of Asia මාධ්‍ය ජාලයට අයත් සියත එෆ්.එම් ආයතනයේ පුවත් අංශයේ ප්‍රධාන කාර්ය බාර්යක් සඳහා සිදුකිරීමට එම ආයතනය සමඟ එක්ව ඇති බව අපට වාර්තා වී තිබෙනවා. 

මේ වනවිට සියත එෆ්.එම්. නාලිකාව අරවින්ද ලොකුගේ මහතා සමඟ තරඟකාරී ගමනක නිරතවී ඇති අතර එහි ප්‍රවෘත්ති අංශය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙලෙස කරුණාරත්න මහතා එම නාලිකාව සමඟ එක්ව ඇති බවට වාර්තා වේ.

ඒ අනුව ඉදිරියේදී සියත එෆ්.එම්. නාලිකාව සහ සියත tv නාලිකා මෙන්ම voice of asia මාධ්‍ය ජාලයේ සෙසු නාලිකාද එක්ව ඒකාබද්ධ ප්‍රවෘත්ති අංශයක් ආරම්භ කිරීමට සියත පාලනාධිකාරිය තීරණය කර ඇති අතර එහි ප්‍රධාන වගකීමක් ශානුක කරුණාරත්න හට හිමිවන බවද දැනගන්නට ලැබී ඇත. 

ඒ අනුව සියත පුවත් නවීන තාක්ෂනය යොදාගනිමින් ජනතාව අතර ප්‍රචලිත කිරීමට පාලනාධිකාරිය සැලසුම්කර ඇති බවත් අප වෙත වාර්තා වෙනවා.

ශානුක කරුණාරත්න 2002 වසරේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සමග එක්වන අතර 2004 වසරේ සිට 2016 දක්වා ආසියානු මාධ්‍ය ජාලය සමග එක්ව කටයුතු කලා. ඉන් ඉවත්වන විට හිරු එෆ්.එම් සහ ෂා එෆ්.එම් හි ප්‍රවෘත්ති සංස්කාරකවරයෙකු වශයෙන් සේවය කල අතර අනතුරුව අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙසද  කලක් කටයුතු කල අතර පසුගිය මස එම අතනතුරින් ඉවත්වීමෙන් පසු මෙලෙස සියත ප්‍රවෘත්ති අංශයේ කළමනාකාරීවරයෙකු ලෙස එක්ව ඇති බවයි අපට වැඩිදුරටත් වාර්තා වන්නේ.

No comments:

Powered by Blogger.