Ad

Telecom Crisis : අජන්ත හා කිත්ති දීලීපගේ පුටුවට සටනක.


සේවක විරෝධය හේතුවෙන් ටෙලිකොම් ප්‍රධාන විධායක නිළධාරියා ලෙස කටයුතු කළ දීලීප විජේසුන්දර මහතා ලබන මාර්තුවේ සිට විශ්‍රාම යාමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව වැඩබලන ප්‍රධාන විධායක තනතුර ගැනීමට ඇමති හරින් ප්‍රනාන්දු මහතාට හිතවත් සමූහ ව්‍යවසාය ප්‍රධානී හා තොග නිලධාරී (Group Chief Enterprise & Wholesale Officer) කිත්ති පෙරේරා මහතා හා සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී (Group Chief Marketing Officer) අජන්ත සෙනවිරත්න මහතා අතර සටනක් ආරම්භ වී ඇතැයි වාර්තා වේ.

වසර 1994 දී ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම වෙත වූ කේ.ඒ. කිත්ති පෙරේරා ඉලෙක්ට්‍රොනික හා විදලිසංදේශන ඉංජිනේරු විද්‍යාව පිළිබඳව මොරටුව විශ්වවිද්‍යාලයෙන් M.Eng උපාධියක් හිමිකරගත්තෙකි.

එසේම ඔහු එක්සත් රාජධානියේ Institute of Electrical Engineers and Engineering Council හි වරලත් ඉංජිනේරු වරයෙක් වන අතර ශ්‍රී ලංකාවට Metro Ethernet තාක්ෂණය හඳුන්වාද දීමට පුරෝගාමීව කටයුතු කළ අයෙක් ලෙස ද සැලැකේ.

අජන්ත ටෙලිකොම් හට එක්ව ඇත්තේ කිත්ති එක්වීමට වසරකට පෙරය 1993 වසරේ වන අතර ඔහු මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා විදුලිසංදේශනය පිළිබඳ BSc. උපාධියක් හා කර්මාන්ත ඉංජිනේරු විද්‍යාව (industrial engineering) පිළිබඳව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද ලබා තිබේ.

ඊට අමතරව ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනවේදී (MBA) උපාධියක්ද හදාරා ඇති බව පැවසේ.

වැඩබලන ප්‍රධාන විධායක තනතුරට සුදුසෙකු පත් කිරීමට පසුගියදා හදිසි අධ්‍යක්ෂ මණ්ඩල රැස්විමක් ද පවත්වා ඇති අතර ඊට මැක්සිස් සමාගමේ නිළධාරින්ද එක්ව සිටියද එහිදී අවසන් තීන්දුවකට එළඹ නොමැති බවද වාර්තා වේ.

ඇතුළෙන් තනතුර දෙනවට සේවක විරෝධයක් !

මේ සඳහා ඇතුළෙන් කෙනෙකු පත් කිරීමට ටෙලිකොම් ඉංජිනේරු සංගමය ඇතුඵ සේවකයින් විරෝධය දක්වා ඇති බවද වාර්තා වේ.

No comments:

Powered by Blogger.