පොලිස්පතිට එරෙහිව DIG ලා ජනාධිපති හමුවට.

පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ ක‍්‍රියා කලාපයට එරෙහිව පොලීසියේ උසස් නිලධාරීන් පිරිසක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමු වී පැමිණිලි කිරීමට සැලසුම් කර තිබේ.

ජ්‍යොෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා වගකීම ඇති පොලිස් කොමිසමට මීට පෙර ජ්‍යොෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පිරිසක් ගොස් පොලිස්පතිවරයාගේ ක‍්‍රියා කලාපය සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත.

එහෙත් පොලිස්පතිවරයා ගැන තීරණ ගැනීම සම්බන්ධයෙන් බලතල ඇත්තේ ජනාධිපතිවරයාට හෝ ව්‍යවස්ථාධායක සභාවට බැවින් ජනාධිපතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට නියෝජ්‍ය පොලිස්පතිවරු සූදානම් වෙති.

ගෙවුණු සතියේ දී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා හමුවූ අවස්ථාවේ දී පොලිස්පතිවරයා සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් පැමිණිලි කර ඇත. නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සඳහන් කළේ පොලිස්පතිවරයාගේ ක‍්‍රියා කලාපය අනුව නීතිය අකුරට ක‍්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි.

No comments:

Latest Video

Powered by Blogger.