කෑගල්ලේ එජාප නාම යෝජනා අර්බුධයක් : අගමැති සෘජුව මැදිහත්වෙලා?

සේයාරුව : Daily Mirror

කෑගල්ල නගර සභාවට සකස් කර තිබූ එජාප නාම යෝජනා පත්‍රය හේතුවෙන් දේශපාලන අර්බුධයක් මතුව ඇතැයි Info Sri Lanka News වෙත වාර්තා වේ.

ඊට මුලිකව ම හේතු වී ඇත්තේ කෑගල්ල එජාප සංවිධායකවරයා විසින් සකස් කල එජාප නාම යෝජනා පත්‍රය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කිරීමයි. ඒ ඇතැම් කොට්ඨාශ සඳහා දුර්වල අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම හේතුවෙනි.

කෙසේ නමුත් කෑගල්ල හිටපු සංවිධායක ලක්ෂ්මන් දිසානායක මහතාගෙන් ද නාම යෝජනා පත්‍රයක් කැඳවා ඇති අගමැතිවරයා සංවිධායකවරයාගේ සහ හිටපු සංවිධායකවරයාගේ නාම යෝජනා පත්‍ර දෙකම මහ ලේකම් කබීර් හෂීම් මහතාට ලබා දී අවසන් නාම යෝජනා ලැයිස්තුවක් සකස් කරන ලෙස උපදෙස් දී තිබේ.

ඒ අනුව මේ වන විට කෑගල්ල නගර සභාවේ එජාප නාම යෝජනා පත්‍රය සකස් කර ඇතැයි වාර්තා වේ. එම කණ්ඩායමේ නායකත්වය ලක්ෂ්මන් දිසානායක මහතාට හිමිව තිබේ.

සෝබා විරෝධයේ

මේ අතර කෑගල්ලේ එජාප ප්‍රබල ආධාරකාරිනියක් වන සෝබා මහත්මිය ද තමන්ට කෑගල්ල ප්‍රාදේශීය සභාවට අපේක්ෂකත්වය නොදීම හේතුවෙන් උපවාසයක් ආරම්භ කිරීමට සුදානම් වන බව ද වැඩිදුරටත් වාර්තා වේ.


වයඹ උණුසුම්!!!

කුරුණෑගල නගරාධිපති සටනේ අර්බුද රැසක් අද සවස 5ට බලාපොරොත්තුවන්න...

No comments:

Latest Video

Powered by Blogger.