Ad
Ad

රංජන්ට නඩුවෙන් ගැලවෙන්න SB උපදෙස් දීලා.


එස්.බී දිසානායක මහතා තමාට නඩුවෙන් ගැලවීමට ක්‍රිකට් විනිසුරුවරුන්ට අපහාස කළා ලෙස පැවසීමට කීවද තමාට එලෙස බොරු පැවසීමට හැකියාවක් නැති බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පැවසීය.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබූ පැමිණිලි දෙකක් නැවත ජනවාරි මස 22 වනදා කැඳවන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (14) නියම කෙරිණි.

අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට ඒ මහතා පිළිතුරු ලබා දෙමින් මෙසේ පැවසීය.

“මම කියන්නේ පොලීසිය, අධිකරණය, විනිසුරුවරයන්, ගරු විනිසුරුවරුන්. සමාවෙන්න අතිගරු විනිසුරුවරුන්. කාලෝ මාමාගේ ක්ෂේත්‍රය වෛද්‍ය වෘත්තීය. ඒ ක්ෂේත්‍රයේත් දුෂිතයෝ ඉන්නවා. මේ සියලුදෙනා එකතු වෙලා මට ජන්ද නැති වුණත් කමක් නැහැ කියන්න ඕනේ. මහජනතාව තමයි දුෂිතයන්ව පත් කරලා එවන්නේ පාර්ලි‌‌මේන්තුවට. එතකොට අර දර්ශකයේ හතර වෙනියට එන්නට අපි සියලුදෙනාම අඩු වැඩි වශයෙන් මම පවා සම්බන්ධ වෙලා තියෙනවා කියලා මම බොහොම පැහැදිලිව කියනවා. ඒ හින්ද මට දඩුවම් කරනවා නම් දඩුවම් කරන්න. මම කියපු මතය ඉවත් කර ගන්නේ නැහැ කිසි ලෙසකින්. ඒකෙදි මම කියන කතාවේ මේ ගොල්ලෝ අල්ලන් ඉන්නේ බහුතරය කියන එක. සියයට 95ක් කියන එක.”

“මට එස්.බී ඇමතිතුමා ඊයේ පෙරේදා කෝල් කරලා කිව්වා රංජන් උබට ගැළවෙන්න තියෙන එකම මාර්ගය තමයි විනිසුරුවරයන් ක්‍රිකට් විනිසුරුවරයන් කියන්න. ඔයා කිව්වේ නැහැනේ උසාවියේ කියලා. මට එහෙම කියන්න බැහැ. මට බොරු කියන්න බැහැ. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි නම් ඒ හින්දා මා කිව්වේ මේ මේ විනිසුරුවරු ගැනමයි. මා මේ කිව්වේ නීතිඥයෝ ගැනමයි. පහුගිය ටිකේ වත්කම් බැරකම් ඉදිරිපත් නොකළ එකට සචින් වාස් ගුණවර්ධන කීයද රුපියල් 1000යි. කෝටි ගණන් හොරකම් කරපු ලෝක හොරෙක්. සරණ ගුණවර්ධන කෝටි ගණන් හොරකම් කරලා රුපියල් 1000යි. මේ අධිකරණයෙන් හොරු ධෛර්යමත් කිරීමක් කරනවා. දැන් මේ තත්ත්වය අනුව බැඳුම්කර හොරු කියයි ඉස්සරහට ඔව් අපේ වත්කම්වල මේ බැඳුම්කර මුදල් තියෙනවා. දඩුවම් දීලා එලියට ආවත් මන් මේක කියනවා. මන් පොරොන්දු වෙනවා ඔබලාට. ආයේ දාන්න මන් ආයේ එළියට ඇවිල්ලත් කියන්නේ මේකයි. මන් කිව්වේ ක්‍රිකට් විනිසුරුවන් ගැන නෙවෙයි.සමහර මිනිස්සු පස් උඩ තියෙන දේවල් කාලා ජිවත් වෙනවා. කොස්, දෙල්. සමහර අය පස් යට තියෙන දේවල් කළා ජිවත් වෙනවා. දිවුලපිටිය මට නැති කළේ පස් මාෆියාව”යැයිද වැඩිදුරටත් අදහස් දැක්වීය.

No comments:

Powered by Blogger.