ශ්‍රීලනිප ආණ්ඩුවක් : ඒකාබද්ධයේ කැමැත්ත : අගමැති මහින්ද.


එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 96 දෙනා තමා සමග සිටීනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හෙට වුවද පිහිටුවීමට තමන් සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රත්නපුරයේ ඊයේ(27) පැවති ශ්‍රීලනිප ජන රැළිය අමතමින් ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන්නේ නම් තමන් ද ඒ පිළිබඳව සළකා බැලිය හැකි බවයි.

එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් ඉවත් කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට භාරකාර අමාත්‍ය ධුර ලබාදෙන භාරකාර ආණ්ඩුවකට සහයෝගය පළ කරන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

අගමැති මහින්ද

පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය පිරිනමන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහි කිරීමට සූදානම් බවයි.

රත්නපුරයේදී පැවති ශ්‍රීලනිප ජන රැළිය අමතමින් අවධාරණය කළේ පසුගිය වර පැවති මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 96 දෙනා තමන් සමග එක්වන්නේ නම් හෙට දිනයේ වුවද ශ‍්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීමට තමන් සූදානම් බවයි.

එනිසා ජී.එල්. පීරිස්ගේ කුණු කාණුව, වසංගතය අතහැර තමන් සමග එක්වන ලෙස සන්ධානයේ මන්ත‍්‍රීවරුන්ගෙන් තමන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා පැවසී ය.

No comments:

Info Sri Lanka TV

Powered by Blogger.