ලෝකය අපිව කොන්කරද්දී මහින්ද රාජපක්ෂ පැනලා ගියා - අගමැති.


ලෝකය අපිව කොන්කරද්දී මහින්ද රාජපක්ෂ පැනලා ගියා. අපියි ඉස්සරහට ගිහින් ලෝකයේ සහයෝගය දිනාගත්තේ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ අද (07) දින බොරැල්ල කැම්බල් පිටියේ පැවැති එක්සත් ජාතික පක්‍ෂ විශේෂ සම්මේලනය අමතමිනි. එහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

"ඡනාධිපතිවරණය පැවැත්වීමට තිබුණේ 2017 දීයි. මහින්ද රාජපක්‍ෂ ජනාධිපති විදිහට ඉදලා 2017 ඡන්දය තියන්න හිටියේ. ඒත් ඔහු යටතේ ආර්ථිකය කඩා වැටුණා. ගමේ ආර්ථිකය කැඩුණා. නගරයේ ආර්ථිකය කැඩුණා. මහින්ද රාජපක්‍ෂට මේ රටේ ආර්ථිකය හැසිරවීමට ශක්තියක් තිබුණේ නැහැ. හදිසියේ ඡන්දයක් පැවැත්වුවා. හදිසියේ ඡන්දය පැවැත්වූයේ එය දිනයි කියා බලාපොරොත්තුවෙන්. නමුත් අන්තිමට ඔහු පැරැදුණා."

"මහින්ද රාජපක්‍ෂ පැරදිලා ගියේ රටේ ආර්ථිකය අනාථ කරලා, තරුණයන්ගේ අනාගතය නැති කරලයි. ඉතින් මේ අවුරුදු දෙක අපි යොදවා ගත්තේ ඒ ආර්ථිකය ස්ථාවර කර රට සංවර්ධනය කිරීමටයි. නැත්නම් අපට ඉදිරියට යාමට නොහැකියි. රාජපක්‍ෂ සමයේ ගත් ණය දැන් අපි ගෙවනවා. අපට එය ටිකක් බරයි. මේ ණය ගෙව්වේ නැත්නම් අපි බංකොළොත් වෙනවා. ණය ගෙවන අතර, යම් කිසි මුදලක් සොයාගෙන අද අපි රට සංවර්ධනය කරනවා. මෙය මහින්ද රාජපක්‍ෂට කිරීමට බැරි වුණා. ලෝකය අපිව කොන් කළා. මහින්ද රාජපක්‍ෂ පැනලා ගියා. අපි ඉස්සරහට ගිහින් ලෝකයේ සහයෝගය දිනාගත්තා. එතැන් සිට තමයි මේ වැඩකටයුතු ආරම්භ කළේ." ලෙසින් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ආදී වාසින්ගේ සහාය අගමැති රනිල්ට

එමෙන්ම දඹාන ආදී වාසීන් ද මෙවර මැතිවරණයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට සහාය පල කර තිබෙනවා.




No comments:

Info Sri Lanka TV

Powered by Blogger.