කොටි ලාංඡනය යොදා ෆේස්බුක් සුබපැතුම් යවා අත්අඩංගුවට.


එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ලාංඡනය සහිතව නව අවුරුද්දට ෆේස්බුක් හරහා සුබ පැතුම් යැවූ බව කියන පුද්ගලයෙකු රත්නපුර,ඇලපාත, මිල්ලවිටිය වත්තේදී ඊයේ (02දා) සවස අත්අඩංගුවට ගත් බව රත්නපුර පොලීසිය කියයි.

අත්අඩංගුවට පත් පුද්ගලයා සිය ෆේස්බුක් ගිණුම හරහා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ලාංඡනය භාවිතකර 2018 නව වසරට සුබපැතුම් පණිවුඩ යවන බවට ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවද පොලීසිය පැවසීය.

ශ‍්‍රී ලංකාවේ සහ ලෝකයේ රටවල් ගණනාවක තහනම් ත‍්‍රස්තවාදී සංවිධානයක් වන එම සංවිධානයේ ලාංඡනය මෙසේ භාවිතකර සුබපැතුම් පණිවුඩ යැවූ සැකකරු සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇති බවද පොලීසිය පැවසුවේය.

රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

No comments:

Info Sri Lanka TV

Powered by Blogger.