ආණ්ඩුවේ අනාගතය ගැන කැබිනට් ප්‍රකාශකවරු මත දෙකක.


වත්මන් එක්‌සත් ජාතික පක්‍ෂ හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සහජීවන ආණ්‌ඩුව ලබන 2020 වසර දක්‌වා යන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමා ඇතුළු පිරිසක්‌ ඉදිරියේදී ප්‍රකාශ කළැයි කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.

 මේ ආණ්‌ඩුව අතරමග බිඳ නොවැටී ඉදිරියටම යන බවද 2025 දක්‌වා තවදුරටත් ඉදිරියට යැම පිළිබඳව 2020 දී තීරණය කරන බවද ඇමැතිවරයා කීය.

 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට්‌ තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ගිවිසුම් අවසන් වුවද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තවදුරටත් ආණ්‌ඩුවේ රැඳී සිටින්නේ දැයි මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජිත සේනාරත්න ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

 2020 දක්‌වා මේ ආණ්‌ඩුව යන බවට ජනාධිපතිම ප්‍රකාශ කළ නිසා වෙන අය කියන කතා පළක්‌ නැති බවද ඇමැතිවරයා කීය.

 මෙහිදී අදහස්‌ දැක්‌වූ කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති ගයන්ත කරුණාතිලක මහතා මෙම ආණ්‌ඩුව 2020 දක්‌වා යන බවට අගමැතිවරයා ද ප්‍රකාශ කළ බව කීය.

 කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ පළාත් පාලන මැතිවරණයෙන් පසුව ආණ්‌ඩුවේ තවදුරටත් රැඳී සිටීම ගැන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තීරණයක්‌ ගන්නා බවය. 

No comments:

Info Sri Lanka TV

Powered by Blogger.