විල්පත්තුවට කෝටි 5ක වාර්තාගත ආදායමක්.


විල්පත්තුව ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගෙන් පසුගිය වසරේදී  රුපියල් 57,650,034 (පන්කෝටි හැත්තෑ හය ලක්ෂ පනස් දහස් තිස් හතරක) වාර්තාගත ආදායමක් උපයා ගැනීමට හැකි වූ බව උද්‍යාන භාරකරු චමත් ලක්ෂමන් පෙරේරා මහතා පැවසීය.

පසුගිය වසරේ පැවති දැඩි නියඟය ද නොසලකමින් දේශීය සංචාරකයන් 49114 ක  (හතළිස් නවදහස් එකසිය දාහතරක්) ද,  විදේශීය සංචාරකයන් 26612 ( විසි හයදහස් හයසිය දොළහක් ) ද විල්පත්තුව නැරඹීමට පැමිණ ඇත.

මෙම තත්ත්වය මත ජූලි මාසයේදී රුපියල් 12,131,219 (එක්කෝටි විසි එක්ලක්ෂ තිස් එක්දහස් දෙසිය දහනවයක ) වාර්තාගත ආදායමක් උපයා තිබුණි.

No comments:

Latest Video

Powered by Blogger.