කාලයකට පසු ශ්‍රී ලංකාවට තරගාවලි ජයක්!


සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජයට පත්කරමින් තුන්කොන් එක්දින තරගාවලියේ ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අවසන් මහ තරගයේදී ලකුණු 79ක ජයක් වාර්තා කරමිනි.

ලකුණු 221ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට වාර්තා කළ හැකිවූයේ ලකුණු 142ක් පමණි. මහමදුල්ලා සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 76ක් රැස්කර ගැනීමට සමත්විය.

මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් හිමිකරගත් කසුල් මධුශංක මංගල තරගයේදීම කඩුලු ත්‍රිත්වයක් දවා ගනිමින් වාර්තා අතරට එක්විය.

No comments:

Info Sri Lanka TV

Powered by Blogger.