Sex Ed Ad

මහින්දට මැතිවරණ තහනමක් එයිද?

වංචා දුෂණ හා රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධ සිද්ධින් 34ක් විමර්ශනය කල ‘බරපතළ වංචා දුෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව’, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් රාජ්‍ය නිලධාරීන් ඇතුළු රැසකට එරෙහිව නඩු පවරන ලෙස සිය වාර්තාව මගින් නිර්දේශ කර ඇත.

ඒ අනුව, ජනාධිපතිවරණ සමයේ දී (2015) ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයට අයවිය යුතු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු නොතීසි ලත් පාර්ශ්වයන්ට අපරාධ නඩු පවරන ලෙස මෙම කොමිෂන් සභා වාර්තාව නිර්දේශ කර තිබේ.

ඇතැම් දේශපාලකයින් “දූෂණයට අනුබල දීම” සහ “දූෂණයට කුමන්ත්‍රණය කිරීම” විවිධ අවස්ථා යටතේ සිදු කර ඇති බව පෙනී යන්නේ යයි පවසන බරපතල දූෂණ, වංචා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම, එවැනි වැරදි සිදු කළ පුද්ගලයන් “රට වෙනුවෙන් සහ රටේ ජනතාව වෙනුවෙන් සේවයක් සිදු කෙරෙතැයි අපේක්ෂා කළ නොහැකි,” බව ද සඳහන් කරයි.

විශේෂයෙන්ම “දූෂණයට” වැරදිකරුවන් කෙරුණු දේශපාලනඥයකු සත් වසරකින් පසුව හෝ මහජන නියෝජිතයෙකු වශයෙන් තේරී පත්වීම නුසුදුසු බව කොමිෂන් සභාවේ අදහසය.

එබැවින් ඉහත කී ආකාරයේ චෝදනාවකට අධිකරණය ඉදිරියේ වරදකරුවන් බවට තීරණය කෙරුණු පුද්ගලයන් යළිත් කිසිදු අවස්ථාවක මහජන නියෝජිතයන් වශයෙන් පත්වීම හෝ එසේ පත්වීම සඳහා අපේක්ෂකයන් වශයෙන් ඉදිරිපත්වීමට නුසුදුස්සන් බවට පත්කරමින් නීති සම්පාදනය කරන ලෙස ද ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබේ.

බරපතළ වංචා දුෂණ රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලය හා අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ඊයේ (23දා) පාර්ලිමේන්තුවේ දී සභාගත කළ අතර එම වාර්තාවේ මෙම නිර්දේශ සඳහන් වේ.

No comments:

Latest Video

Powered by Blogger.