රවී නිදොස් කොට නිදහස් වෙයි : හේතුව මෙන්න.

ආන්දෝලනාත්මක බැඳුම්කර වෙන්දේසියේදී හිටපු මුදල් ඇමති ලෙස රවී කරුණානායක මහතා, රාජ්‍ය බැංකුවලට ලබාදී ඇති නියෝග හා උපදෙස්, යුක්තිසහගත සහ සාධාරණ බව බැඳුම්කර සිද්ධිය සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසම තහවුරු කර ඇතැයි රවී කරුණානායක මන්ත්‍රීවරයාගේ ජ්‍යෙෂ්ඨ නීතිඥයකු පැවසීය.

භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසි වලදී හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ලබාදී ඇති උපදෙස්‌ අනුව ලංසු තැබීමෙන් රටේ ප්‍රධාන බැංකු තුනට අවාසිදායක තත්ත්වයක් සිදුව නැතැයි ද එම වාර්තාවේ සඳහන් වන බව එම නීතිඥයා කීය. 

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ගිය වසරේ (2016) මාර්තු මාසයේ අවස්‌ථා දෙකකදී භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසි සඳහා අඩු පොලී අනුපාත (අඩු ඵලදා අනුපාත) යටතේ ලංසු තබන ලෙස රාජ්‍ය බැංකු වලට උපදෙස්‌ දුන් බව පසුගිය ඔක්තෝම්බර් 04දා ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ දිවුරුම් පිට සාක්‍ෂි දෙමින් මහජන බැංකුව, ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව යන රටේ ප්‍රධාන රාජ්‍ය බැංකු තුනේ සභාපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු  ප්‍රකාශ කර සිටියහ. 

රවී, විෂය බාර ඇමති නොවේ :

බැඳුම්කර සිද්ධිය වන වකවානුවේ මහ බැංකුව රවී කරුණානායක මහතා යටතේ නොතිබුන බවද එම කොමිසම් වාර්තාවේ පැහැදිලිව සඳහන්ව ඇතැයි එම නීතිඥයා වැඩිදුරටත් කියා සිටියේය.



''එල්ලවී ඇති චෝදනාවලට මා නිවැරදිකරු බව ඔප්පුවනු නියතයි' - රවී ඉල්ලා අස්වීම ප්‍රකාශ කරමින් ....

බැඳුම්කර කොමිසම ඉදිරියේ හෙළිදරව් වූ කරුණු මුල් කරගනිමින් මාධ්‍ය හරහා එල්ලවූ බලපෑම් හමුවේ රවී කරුණානායක මහතා පසුගිය අගෝස්තු 10 වෙනිදා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් විය.

සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කිරීමට පෙර පාර්ලිමේන්තුව අමතමින් රවී කරුණානායක හිටපු ඇමතිවරයා කියා සිටියේ, ඔහුට එරෙහිව එල්ල කෙරෙන චෝදනාවලට නිවැරදිකරු වන නමුත් රට සහ පක්ෂය ගැන සිතා පදවියෙන් ඉල්ලා අස්වන බවය.

(SLM ඇසුරිනි)

No comments:

Latest Video

Powered by Blogger.