බැඳුම්කර පිටපතක් අල්ලස් කොමිසමට - වාර්තාවේ පිටපතක් රවී අතටත්.


භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාවේ පිටපතක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට යවා ඇතැයි ආරංචි මාර්ග පවසයි.

බැඳුම්කර ගනුදෙනුව හා එයට අදාළ සිද්ධීන් වලදී අල්ලස් චෝදනාවන් ඉදිරිපත් කළ හැකි සිදුවීම් වී ඇති බවට වාර්තාවේ සඳහන් කර තිබීම නිසා ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමට ජනාධිපතිවරයා එම වාර්තාවේ පිටපතක් මෙලෙස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට යවා ඇතැයි දැනගන්නට තිබේ.

අල්ලස් කොමිසමේ ඉහළ නිලධාරීන් පිරිසක් මේ වන විටත් බැඳුම්කර කොමිසමේ වාර්තාව අධ්‍යනය කරමින් සිටින බවත් එම අධ්‍යනය කිරීම් වලින් අනතුරුව මේ සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර පිළිබඳව  තීරණයක් ගන්නා බවත් අල්ලස් කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසන්නේ මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව තමන් වෙත ලැබුණු බවයි.

No comments:

Latest Video

Powered by Blogger.